අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.
එමෙන්ම ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝම්බර් මස 3 වන ඉරිදා දින පැවැත්වීමට ද තීරණය කර තිබේ.
2021 වසරේ සාමාන්‍ය පෙළ විභාගය 2022 වසරේ ජනවාරි අවසාන සතියේ පැවැත්වීමට තීරණය කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය ජි එල් පිරිස් සඳහන් කරයි.
කොවිඩ් ව්‍යාප්තිය නිසා පාසල් විෂයමාලා නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කිරීම අසීරු තත්ත්වයකට පත් වීම හමුවේ සාකච්ඡා කිරීම් වලින් පසු මෙම තීරණවලට එළැඹි බවයි අමාත්‍යවරයා සදහන් කරන්නේ.
-පංචාලි අබේසේකර