ඒ අනුව ශ්‍රී ලංකාව , බංග්ලාදේශය, නේපාලය, පාකිස්තානය යන රටවල සංචරය කර තිබෙන අයට තහනම බලපැවැත්වෙන බව ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
එම තහනම පනවා තිබෙන්නේ එරට කොවිඩ් 19 බහු අමාත්‍යාංශ කාර්ය සාධක බලකාය විසින් ඊයේ (30) දින බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව පසුගිය දින 14 ක කාලසීමාව ඇතුලත ශ්‍රී ලංකාව , බංග්ලාදේශය, නේපාලය, පාකිස්තානය යන රටවල සිට සිංගප්පුරුවට පැමිණෙන අයට තහනම පනවා ඇත.
හෙට (02) එම සිංගප්පුරු රජයේ තීරණය ක්‍රියාත්මක බව ආරංචි මාර්ග සඳහන් කරයි.
-පංචාලි අබේසේකර