ලෝක වෙළෙඳපොළේ තිරිඟු මිල 20%කින් වැඩිවීම නිසා සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සමාගම නිෂ්පාදනය කරන 7 Star තිරිඟු පිටි කිලෝග්රෑමයක මිල රුපියල් 18කින් අද (3දා) සිට වැඩි කරන බව එම සමාගම අලෙවි නියෝජිතයන්ට දැනුම් දී තිබේ. එහෙත් නිසි අවසරයකින් තොරව මිල වැඩි නොකරන ලෙස අධිකාරිය සමාගමට දැනුම් දී තිබේ. ප්රීමා සමාගමටද තිරිඟු පිටි මිල වැඩිකිරීම සඳහා මෙතෙක් අවසර ඉල්ලා නොමැති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
පසුගිය වසර හයක කාලය තුළ තිරිඟු පිටි මිල සංශෝධනයකට ලක් කර නොමැත.
-පංචාලි අබේසේකර