2020 වසර ආරම්භ වන විට රාජ්‍ය මූල්‍ය ප‍්‍රතිපත්තිය මගින් මන්දගාමීව පැවති ආර්ථිකයට සහාය සැපයීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබිණි. කෙසේ වෙතත්, වසංගතයේ බලපෑම හේතුවෙන් 2020 වසර තුළ දී රාජ්‍ය මූල්‍ය කටයුතු සැලකිය යුතු අභියෝගයන්ට මුහුණ දීමේ ප‍්‍රතිඵලයක් ලෙස ආදායම් රැස් කිරීම අපේක්ෂිත මට්ටමට වඩා පහළ මට්ටමක පැවති අතර, පුනරාවර්තන වියදම් ඉහළ ගියේය. වසංගතය හේතුවෙන් ආර්ථික ක‍්‍රියාකාරකම් මත ඇති වූ බලපෑම මෙන්ම, සීමිත රාජ්‍ය මූල්‍ය අවකාශය හේතුවෙන් ප‍්‍රාග්ධන වියදම අඩු විය. රාජ්‍ය මූල්‍ය කටයුතු මත වූ දැඩි පීඩනය පිළිබිඹු කරමින්, 2020 වසරේ දී වර්තන ගිණුමේ හා ප‍්‍රාථමික ශේෂයන්හි හිඟයයන් ඉහළ යෑමත්, සමස්ත අයවැය හිඟය ද.දේ.නි.යෙහි ප‍්‍රතිශතයක් ලෙස සියයට 11.1ක් ලෙස වාර්තා වීමත් සමඟ සමස්ත රාජ්‍ය මූල්‍ය කාර්යසාධනය අපේක්ෂා කළ මට්ටමට වඩා දුර්වල විය.
ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් ශ‍්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය පහත හෙළීම සහ අහිතකර ගෝලීය මූල්‍ය වෙළඳපොළ තත්ත්වයන් මධ්‍යයේ විදේශීය මූල්‍යනය සඳහා වූ සීමිත ප‍්‍රවේශය හේතුවෙන් රාජ්‍ය මූල්‍ය අංශය මත වූ පීඩනය දැඩි විය. විදේශීය මූලාශ‍්‍රවලින් අරමුදල් ලබාගැනීම සඳහා වන සීමිත ප‍්‍රවේශය සහ මැදි කාලීනව විදේශීය මූලාශ‍්‍ර මගින් කෙරෙන මූල්‍යනය අවම කිරීම සඳහා වූ රජයේ ප‍්‍රකාශිත මූල්‍යන උපායමාර්ගය පිළිබිඹු කරමින්, 2020 වසර තුළ දී අයවැය හිඟය දේශීය මූලාශ‍්‍ර තුළින් මූල්‍යනය කෙරිණි.
අයවැය හිඟය ඉහළ යෑම සහ එහි ප‍්‍රතිඵලයක් ලෙස මූල්‍යන අවශ්‍යතා ඉහළ යෑම මෙන්ම, ද.දේ.නි.ය සංකෝචනය වීම තුළින් මධ්‍යම රජයේ ණය සමස්තය ද.දේ.නි.යෙහි ප‍්‍රතිශතයක් ලෙස 2019 වසර අවසානයේ පැවති සියයට 86.8 සිට 2020 වසර අවසානය වන විට සියයට 101.0ක් දක්වා ඉහළ ගියේය.
කෙසේ වෙතත්, මධ්‍යම රජයේ සමස්ත නොපිය වූ ණය ප‍්‍රමාණයේ ප‍්‍රතිශතයක් ලෙස නොපිය වූ විදේශීය ණය සමස්තය 2019 වසර අවසානයේ වාර්තා වූ සියයට 47.6 සිට 2020 වසර අවසානයේ දී සියයට 40.0ක් දක්වා සැලකිය යුතු ලෙස අඩු විය.
අහිතකර වෙළඳපොළ සමපේක්ෂණයන් මධ්‍යයේ වුව ද, රජය, සිය ණය සේවාකරණය සම්බන්ධයෙන් මෙතෙක් පවත්වා ගන්නා ලද නොබිඳුණු වාර්තාව අඛණ්ඩව පවත්වා ගැනීමට කටයුතු කළේය. සීමිත රාජ්‍ය මූල්‍ය අවකාශයක් තුළ වුව ද, මහ බැංකුවෙහි සහ බැංකු අංශයෙහි මූල්‍ය සහයෝගය ඇතිව, වසංගතයෙන් බලපෑමට ලක් වූ ව්‍යාපාර හා පුද්ගලයින් හට සහන සැලසීම සඳහා රජය අඛණ්ඩව කටයුතු කළේය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ 2020 වාර්ෂික වාර්තාවේ මේ බව සඳහන් වේ.