සෞඛ්‍ය අංශ මගින් ලබාදුන් උපදෙස් මත එලෙස සති පොළවල් වසා දැමීමට කටයුතු කරන ලෙසට පළාත් පළාන ප්‍රධානින්ට උපදස් දුන් බවයි දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ මහතා පැවසුවේ .
ඒ අනුව දකුණු පළාතේ පළාත් පාලන ආයතනය 49ක් මගින් පවත්වාගෙන යන සතිපොළවල් වසා දැමීමට පියවර ගෙන ඇත.
සතිපොළවල් වලින් භාණ්ඩ මිලදී ගැනීම සදහා පාරිභෝගිකයින් විශාල පිරිසක් එක් රැස්වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
මේ අතර මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පොල්වත්ත සහ පමුණුව යන ග්‍රාම නිලධාරී වසම් දෙකේ කොරෝනා රෝගීන් වැඩිවීම හේතුවෙන් එම ප්‍රදේශ ඉදිරියේදී හුදකලා කිරීමට සිදුවනු ඇති බව මහරගම සෞඛ්‍ය නිලධාරීනි වෛද්‍ය රිසිනි මාරසිංහ සදහන් කර ඇත.
කොට්ටාව, ගොඩිගමුව, නාවින්න යන ග්‍රාම නිලධාරී වසම්වලද, කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව දිනපතා වර්ධනය වෙමින් පවතින බවද ඇය පැවසුවාය. සිංහල හා හින්දු අලුත් අවුරුදු කාලයෙන් පසු මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 200 දක්වා වර්ධනය වී තිබේ.
-පංචාලි අබේසේකර