පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ මහතා පැවසුවේ ,සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 2ක් සහ හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ 4.5ක් ද විශේෂ කාර්ය බලකාය සිය භාරයට ගෙන ඇති බවයි.
23 හැවිරිදි අදදාළ සැකකරු සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බව පැවසෙන රුපියල් ලක්ෂ 4ක් ද සොයා ගෙන ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, මෙරට අපරාධ රැසක් සිදු කර දැනට ඉන්දියාවට පැන ගොස් සිටින කිඹුලාඇළේ ගුණා නමැත්තා සහ ඔහුගේ සහෝදරයෙකු මෙම මත්ද්‍රව්‍ය ජවාරම පිටුපස සිටින බවට තොරතුරු හෙළි වී ඇති බවයි.
-සිරස