ඒ අනුව එම රටවල් වන්නේ කුවේට් රාජ්‍යය,මැලේසියාව, මාලදිවයිනය සහ හෙට සිට එක්සත් අරාබි ඒමීර් රාජ්‍ය ද ශ්‍රී ලංකාවේ සිට පැමිණෙන මගී ගුවන් ගමන් අත්හිටුවන බව ඊයේ (10) නිවේදනය කර ඇත.
කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව, පාකිස්ථානය, නේපාලය සහ බංග්ලාදේශය යන රටවල් සඳහා එම තහනම පැනවීමට එරට රජය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මේ අතර විදෙස් රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් යානා මගීන් 75 දෙනෙකුට පමණක් සීමා කිරිමට ශ්‍රී ලංකා රජය පසුගියදා තීරණය කර තිබුණි.
-පංචාලි අබේසේකර