ග්‍රාම නිලධාරී වසම් රැසක හුදෙකලා බව ඉවතට !

Published in පුවත්
Thursday, 20 May 2021 12:33

ග්‍රාම නිලධාරී වසම් රැසක හුදෙකලා බව අද පෙරවරු 6 සිට ඉවත් කර තිබෙනවා. තවත් ග්‍රාමනිලධාරී වසම් කිහිපයක් අලුතින්හුදෙකලා කිරීමට ද තීරණය කෙරුණා.

කෝවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ පොලිස් බල ප්‍රදේශ 18 කට අයත් ග්‍රාමනිලධාරී වසම් 42 ක් හුදෙකලා බවින් ඉවත් කළ බවයි කොළඹ දිස්ත්‍රික්කයේ පිලියන්දල පොලිස් බල ප්‍රදේශයේ නාම්පමුණුව, ගොරකාපිටිය, මාවිත්තර උතුර, පැලැන්වත්ත බටහිර සහ පැලැන්වත්ත නැගෙනහිර යන ග්‍රාම සේවා වසම්වල හුදෙකලා බව අද පෙරවරුවේ ඉවත් කෙරුණා.

මොරටුමුල්ල පොලිස් බල ප්‍රදේශයේ විල්ලෝරාවත්ත සහ මහරගම පොලිස් බල ප්‍රදේශයේ ඇරැව්වල සහ පමුණුව ග්‍රාමනිලධාරී වසම්වලද හුදෙකලා බව ඉවත් කර තිබෙනවා. කටාන පොලිස් බල ප්‍රදේශයේ කේ.සී සිල්වාපුරය, කදිරාන උතුර, ඇටඹගහවත්ත සහ කදිරාන දකුණ පේෂකර්ම කොටස යන ප්‍රදේශවල ද හුදෙකලා බව ඉවත් කෙරුණා. මහර පොලිස් බල ප්‍රදේශයේ ඇල්දෙනිය නැගෙනහිර, සූරියපාලුව උතුර සහ දකුණ පහළ කරගහමුණ උතුර ඉහළ කරගහමුණ උතුර යන ග්‍රාමනිලධාරී වස්වලද හුදෙකලා බව ඉවත් කර තිබෙනවා.

වත්තල 473 ග්‍රාමනිලධාරී වසම ද හුදෙකලා බවින් ඉවත් කළ බවයි ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ. කළුතර දිස්ත්‍රික්කයේ මොරගහහේන පොලිස් බල ප්‍රදේශයේ පලන්ඔරුව, කෝරලඉම, කුඹුක බටහිර සහ හොරණ පොලිස් බල ප්‍රදේශයේ නර්ථනගල ග්‍රාමනිලධාරී වසම් හුදෙකලා බවින් ඉවත් කෙරුණා.

මතුගම පොලිස් බල පුදේශයේ යටදොළවත්ත බටහිර ග්‍රාමසේවා වසමේ කොරටුහේන ප්‍ර දේශයේ මෙන්ම පානදුර දකුණ පොලිස් බලප්‍රදේශයේ වලාන උතුර, වෑකඩ බටහිර, කිරිබේරිය, මාලමුල්ල නැගෙනහිර යන ප්‍රදේශවලද හුදෙකලා බව ඉවත් කෙරුණා. අගලවත්ත පොලිස් බලප්‍රදේශයේ පිඹුර ග්‍රාමසේවා වසමේද හුදෙකලා බව ඉවත් කළ බවයි ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේ. බදුරලිය ඉගුරුදළුව, මී දළන, පැලෑද, මොරපිටිය උතුර, තීනියාවල සහ හැඩිගල්ල යන ග්‍රාමනිලධාරී වසම්වලද හුදෙකලා බව ඉවත් කර තිබෙනවා.කොත්මලේ පොලිස් බලප්‍රදේශයේ පනන්ගම්මන ග්‍රාමසේවා වසමේ සහ වවුනියාවේ කුරුක්කල් පුතුකුලම් ග්‍රාමසේවා වසමේ ද හුදෙකලා බව ඉවත් කෙරුණා.

මාතලේ දිස්ත්‍රිකක්යේ මාතලේ නාඋල සහ දඹුල්ල පොලිස් බලප්‍රදේශවල හුදෙකලා බව ඉවත් කර තිබෙනවා. ගලේවෙල පොලිස් බලප්‍රදේශයේ ද, ගලේවෙල නගරය, උදුයාය, පහලබිම්මාව තලකිරියාගම, පලාපත්තර, කුඹුක්ගොල්ල සහ වැටකොලුවැව යන පොලිස් බලප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල හුදෙකලා බව ඉවත් කෙරුණා. අද උදෑසන 6 සිට මඩකලපුව පොලිස් බලප්‍රදේශයේ සින්නෝරානි සහ පලමීන්මඩු යන ග්‍රාමනිලධාරී වසම් හුදෙකලා කෙරුණා.

කාත්තන්කුඩි පොලිස් බල ප්‍රදේශයේ තිරුචෙන්දූර්,කල්ලඩිවෙල්ලූර් සහ නොචිමුණායි ග්‍රාමනිලධාරී වසරේ පුනොචිමුණායි ග්‍රාමය හැර සෙසු ප්‍රදේශ අලුතින් හුදෙකලා තත්ත්වයට පත් කෙරුණා. අද උදෑසන වන විට දිවයින පුරා පොලිස් වසම් 08 ක් හා ග්‍රාමනිලධාරී වසම් 202ක් සම්පූ‍ර්ණයෙන් හුදෙකලා කර තිබෙනවා.

මේ අතර හෙට රාත්‍රී 11.00 සිට ලබන 25 වනදා අලුයම 4 දක්වා මුළු දිවයිනටම සංචරන සීමා පැනවෙනවා. නැවතත් 25 වනදා රාත්‍රී 11සිට 28 වනදා අලුයම 4 දක්වා මුළු දිවයිනටම සංචරණ සීමා ක්‍රියාත්මකයි.

-ITN

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us