මීට පෙර තීරණය කර තිබුනේ ලබන 14 වැනිදා අළුයම 4.00ට සංචරණ සීමා ලිහිල් කිරීමටයි.
කෙසේ වෙතත් රට තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත.
මේ අතර සංචරණ සීමා ඉවත් කිරීමට තරම් රට තුළ යහපත් තත්ත්වයක් නොමැති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය මෙම තීරණය ගැනීමට ප්‍රථම ප්‍රකාශ කර තිබුණා .පවතින තත්ත්වය මත තවත් සති දෙකක කාලයක් සංචරණ සීමා දීර්ඝ කිරීම සුදුසු බවයි එහි සභාපතිවරයා සදහන් කර සිටියේ.
කෙසේ වෙතත් අවසානයේ පවතින අවධානම් තත්වය සැලකිල්ලට ගෙන රජය මෙම තීරණය ගෙන ඇත.
-පංචාලි අබේසේකර