විපක්ෂනායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේ පැවැති පක්ෂ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.
ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වන 22 හෝ 23 වැනිදා විශ්වාසභංග යෝජනාව කථානායක මහින්ද යාපා අබේවර්ධනට භාරදීමට නියමිතය. ඉන්ධන මිල ඉහළ දැමීමට අමතරව පොහොර හිඟය සහ කොවිඩ් තත්ත්වය පිළිබඳවද මෙම රැස්වීමේදී සාකච්ඡා කර තිබේ.
-පංචාලි අබේසේකර