ගෑස් මිල ඉහළ දැමීමක් අවශ්‍ය නැහැ ! අමාත්‍ය අනු කමිටුව තීරණය කරයි !

Published in පුවත්
Monday, 21 June 2021 12:30

ගෑස් මිල ඉහළ දැමීමක් සිදුනොකළ යුතු බවට ඒ පිළිබඳ සොයාබැලීම සඳහා පත්කළ අමාත්‍ය අනු කමිටුව තීරණය කර තිබේ.

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දමන ලෙස ගෑස් සමාගම් විසින් සිදුකර ඇති ඉල්ලීම් පිළිබඳව තීරණයක් ගැනීම සඳහා අමාත්‍ය අනුකමිටුව අද (21) පෙරවරුවේ රැස්ව ඇති අතර එම අවස්ථාවේ ගෑස් මිල ඉහළ දැමීමක් සිදුනොකළ යුතු බවට තීරණය වූ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

මාර්තු, අප්‍රේල්, මාසවලදී ලෝක වෙලඳපොලේ පැවති මිල ගණන් වලට අනුව අවම වශයෙන් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 540 කින් ඉහළ නංවන ලෙස ඉල්ලා ඇති බව ලාෆ් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය මහතා පසුගියදා පවසා තිබුණා . තවද අවම වශයෙන් රුපියල් 580 ක මිල වැඩිවීමක් අවශ්‍ය බවයි ලිට්රෝ සමාගමේ සභාපති අනිල් කොස්වත්ත මහතා ද ප්‍රකාශ කර තිබුනා. කෙසේ වෙතත් ගෑස් මිල පිලිබදව සොයාබැලීම සදහා පත් කල අනු කමිටුව තීරණය කර ඇත්තේ මිල ඉහල නොයා යුතු බවයි .

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us