ඒ සම්බන්ධයෙන් අධිකාරියේ විමර්ශන නිලධාරීන් වැල්ලවත්ත හා පිටකොටුවේ පිහිටි පාන් පිටි තොග අලෙවිකරුවන්ගේ වෙළෙඳසල් විමර්ශනය කිරීම ඊයේ (01දා) ආරම්භ කරන ලදී. ඒ අනුව පාන් පිටි කිලෝග්රෑමයක මිල රුපියල් දහ අටකින් වැඩි කර ඇති බව අනාවරණය වී ඇත.
ඒ අනුව සෙරන්ඩිබ් සමාගමට එරෙහිව ලබන සතියේ නඩු පැවරීමට නියමිතය. මෙම සමාගම තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 18කින් ඉහළ දැමීම නිසා පාන් රාත්තලක මිල රුපියල් දහයකින් ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පෙරේදා (30දා) ප්රකාශ කර ඇත.
-පංචාලි අබේසේකර