අද සිට රාජ්‍ය සේවයේ නියතු ගැබිණිවරුන් ගේ පැමිණීම අනිවාර්යයි !

Published in පුවත්
Monday, 02 August 2021 09:19

රාජ්‍ය සේවයේ නියුතු ගර්භණී කාන්තාවන් අද (02 වැනිදා) සිට අනිවාර්යෙන්ම සේවයට වාර්තා කළ යුතු බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ රත්නසිරි ප්‍රකාශ කර ඇත.

ලේකම්වරයා පෙන්වා දෙන්නේ ගර්භණී කාන්තාවන්ටද කොවිඩ් එන්නත ලබා ගැනීම සුදුසු යැයි සෞඛ්‍ය අංශ නිර්දේශ කර ඇති මොහොතක, එම නිලධාරිනියන් පමණක් සේවයට නොකැඳැවීමට වෙනත් හේතුවක් නොමැති බවයි.

කෙසේ වෙතත් ආයතන සංග්‍රහයේ ඇති වරප්‍රසාද නිවාඩු එම නිලධාරිනියන්ට ලබා ගත හැකි බවත් ඊට අමතර නිවාඩු ලබා ගැනීමට අවශ්‍ය නම් ආයතන ප්‍රධානියාට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කිරීමට හැකි බවද ලේකම්වරයා සඳහන් කර තිබේ.

රාජ්‍ය නිලධරින් බහුතරයක් එන්නත්කරණයට ලක්කර ඇති බැවින් රජයේ කාර්යයන් බිඳවැටිමකින් තොරව සාමාන්‍ය පරිදි පවත්වා ගැනීමට ප්‍රමුඛතාවය ලබා දෙන ලෙස ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර පසුගිය 29 වැනිදා ලිඛිත උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව සියලුම රාජ්‍ය සේවකයන් අද (02 වැනිදා) සිට සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කළ යුතු බව දන්වමින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි පසුගිය 30 වැනිදා චක්‍රලේඛයක් නිකුත් කෙරිණි.
රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යාමේදී දුරස්ථභාවය, මුඛ ආවරණ පැලඳීම සහ දෑත් පිරිසිදු කිරීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් තවදුරටත් එලෙසම අනුගමනය කළ යුතු බවද චක්‍රලේඛයේ දැක්වේ.

ආයතනික කාර්ය මණ්ඩලය මෙන්ම සේවාලාභීන්ද කොවිඩ් වයිරසය ආසාදනය වීමෙන් වළක්වා ගනිමින් සේවා සැපයීමේ වගකීම ආයතන ප්‍රධානීන් වෙත පැවරේ.

එමෙන්ම අද සිට රජයේ නිලධරයන්ගේ නිවාඩු සම්බන්ධයෙන් සාමාන්‍ය විධිවිධාන අනුගමනය කළ යුතු වේ.

කිසියම් රජයේ සේවකයකු නිරෝධායනයට යොමුකර ඇත්නම් හෝ එසේ නිරෝධායනයට යොමුකර ඇත්තේ නිරෝධායන නීති උල්ලංඝනය කිරීමට දඬුවමක් ලෙස නොවන්නේ නම් පමණක් ඔවුන්ට සම්පූර්ණ වැටුප් සහිත නිවාඩු කාලයක් හිමිවනු ඇති බවද ලේකම්වරයා අවධාරණය කරයි.

මෙම චක්‍රලේඛය නිකුත් කිරීමට පෙර බලාත්මක වූ චක්‍රලේඛ විධිවිධාන අනුව නිලධරයන් සේවයට කැඳවූ කාලසීමාව තුළ ඔවුන් ලබා ගත් නිවාඩු, සේවය ස්ථිර කිරීම්, උසස්වීම් ලබා ගැනීම සහ විශ්‍රාම ගැන්වීම් පිළිබඳ උපදෙස් ඉදිරියේදී නිකුත් කරන බවද චක්‍රලේඛයේ දැක්වේ.

එමෙන්ම පළාත් අතර සංචරණ සිමා පැවතියද, සෑම නිලධාරියකුම අනිවාර්යෙන්ම සේවයට වාර්තා කළ යුතු අතර ඒ සඳහා නැවත ආයතන මගින් ප්‍රවාහන පහසුකම් ලබා නොදෙන බවද හෙතෙම කිවේය.
ඒ සඳහා අදාළ බලධාරීන් විසින් පොදු ප්‍රවාහන සේවා යථාවත් කරනු ඇති බවද රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයේ දැක්වේ.

-අරුණ

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us