සෞඛ්‍ය අංශවලට කරන්න කිසි දෙයක් නෑ – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්

Published in පුවත්
Thursday, 05 August 2021 09:07

කොරෝනා ආසාදිතයන් වැඩිවීම එක්තරා සීමාවක් පසුකර යමින් රෝගීන් වැඩිවීමේ ශීඝ‍්‍රතාවයේ ඉහළ යෑමක් සිදු වුවහොත් සෞඛ්‍ය අංශවලට ඒ දෙස බලා සිටීම හැර කළ හැකි අන් යමක් නොමැති වන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අනතුරු ඇගවීය.

ඉකුත් කාලයේ ඉන්දීය ජනතාව මුහුණ දෙනු ලැබුවේ මෙම ඛේදනීය තත්ත්වයටය. මේ නිසා ඉන්දියාවේ සිදුව අකාරයේ තත්ත්වයක් උද්ගත නොවන අයුරින් සෞඛ්‍ය උපදෙස් පිළිපැද රෝගය පැතිර යෑමට ඇති සෑම ඉඩක්ම අවම කිරීම රටේ සියලූ ජනතාවගේ වගකීම බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

රට තුළ පවතින කොරෝනා වංගත තත්ත්වය සෞඛ්‍ය අංශවලට පමණක් තනිව විසඳිය නොහැකි එකක් බව ද කී හේමන්ත හේරත් මහතා පවතින තත්ත්වය තුළ සංචරණ සීමා යළි පනවන්නේ ද නැද්ද යන්න පිළිබදව පුළුල් විශ්ලේෂණයන් තුළින් සියල්ල සමාලෝචනය කර ආදාළ බලධාරීන් තීරණය කරනු ඇතැයි ද පැවසීය.

දැනට ක්‍රියාත්මකව ඇත්තේ රටක් වශයෙන් සමාජ ආර්ථික ක්‍රියාරිත්වය ද සමග සියල්ල සමබර කිරීමෙන් තත්ත්වය පාලනය කරගැනීමට උත්සාහ කිරීම බව ද සදහන් කළ ඒ මහතා ඇතිවී තිබෙන වාතාරවණය තුළ යම් පාලනයක් ඇති නොවුණහොත් සිදුවන මරණ ප‍්‍රමාණය වැඩි විය හැකි බව ද පැවසීය.

කෙසේ වෙතත් මෙරටේ සිදුවන කොරෝනා මරණ අතරින් ඉහළ ප‍්‍රතිශතයක් සහිත අති බහුතරයක් මියගොස් ඇත්තේ එන්නත් ලබා නොගත් පුද්ලයන් බව මේ වන විට අනාවරණය වී තිබෙන්නේ යැයි ද විශේෂඥ වෛi හේමන්ත හේරත් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

මේ අතර ඩෙල්ටා කොරෝනා ප‍්‍රභේදය රට තුළ පැතිර යමින් තිබියදී සංචරණ සීමා තවදුරටත් ලිහිල් කිරීමට කටයුතු කිරීම ඇවිළෙන ගින්නට පිදුරු දැමීමක් බව නිවේදනයක් නිකුත් කරමින් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඊයේ සදහන් කළේය.

පවතින වසංගත තත්ත්වය තවදුරටත් වර්ධනය වීම ඉතා දැඩි අනතුරුදායක් එකක් බව ද එමගින් කියා සිටින විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අදාළ බලධාරීන්ට පවතින සැබෑ තත්ත්වය පැහැදිලි නොකර සෞඛ්‍ය අංශයේ පිරිස් ඇල්මැරුණු ආකාරයෙන් කටයුතු කිරීම පිළිබඳ කනගාටුව වන බවද පවසයි.

ඔක්සිජන් අවශ්‍ය වන රෝගීන්ගේ ශීඝ‍්‍ර වර්ධනයක් සිදු වුවහොත් තවත් දින කිහිපයකින් මෙරට ප‍්‍රතිකාර කිරීමේ උපරිම ධාරිතාව ඉක්මවා යන බව ද පෙන්වා දෙන ඔවුන් දැනට සිදුවන මරණ සංඛ්‍යාව විශාල ලෙස වැඩි වීමට එය හේතුවක් වනු ඇතැයි ද කියා සිටී.

රටේ සංචරණ සීමා ලිහිල් කිරීම කළ යුතුව තිබුණේ ප‍්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළ තුළින් බලාපොරොත්තු වන සංඛ්‍යා නමය ඉලක්ක සපුරා ගැනීම සහ එයට සමගාමීව දෛනික රෝගීන් වාර්තා වීමේ අඩුවක් පෙන්නුම කරන විටදී බව ද සදහන් කර ඔවුන් එනිසා දැනට පවතින තත්ත්වය සමාලෝචනය කර සංචරණ සීමා සංශෝධනයක් කි‍්‍රයාත්මක කරන ලෙස ද රජයෙන් ඉල්ලා සිටියි.

කොරෝනා ආසාදිත රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම සදහා මෙම පියවර ගෙන තිබෙන අතර මෙහිදී වෛරසය ආසාදනය වුවද සංකූලතා නොපෙන්වන ආසාදිතයන් ප‍්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කෙරෙන තුරු වෛද්‍ය උපදෙස් යටතේ නිවෙස් තුළ තබා ප‍්‍රතිකාර ලබා දීමට තීරණය වී ඇත.

ගාල්ල කරාපිටිය රෝහලේ රෝහල් කාර්ය මණ්ඩලයේ කිහිප දෙනකුද මේ වනවිට කොරෝනා වෛරසයට ගොදුරු වී සිටින බවද සදහන් විය.

-දිවයින

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us