ඒ අනුව අද (18) සිට බදුල්ල, ත්රිකුණාමලය, රත්නපුර සහ බලංගොඩ යන නගරවල සියලු වෙළෙඳ සැල් සතියක කාලයක් වසා තැබීමට නියමිතය.
මීට අමතරව හෙට (19) සිට වැලිමඩ සහ අනුරාධපුර නගරයේ වෙළෙඳසැල් ද සතියක කාලයක් සඳහා වසා තැබෙනු ඇත. පවතිත වසංගත තත්ත්වය හේතුවෙන් එම තීරණය ගත් බව අනුරාධපුර එක්සත් වෙළෙඳ සංගමයේ සභාපති සරත් මුණසිංහ මහතා පැවසුවේය.
-පංචාලි අබේසේකර