එහිදී රෝගීන්ට අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබාදීමේ කටයුතු ද සිදු කරනු ලබයි.
කොරෝනා ආසාදිතයින් නිවෙස් තුළ තබාගෙන ප්‍රතිකාර කිරීමේ කටයුතු වෛද්‍යවරුන් 265 කගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදුවන අතර බස්නාහිර පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 40ක ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ කටයුතු දිනපතා සිදුකරන බව බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව පවසයි.
ආයුර්වේද ඖෂධ ප්‍රතිකාරවලට යොමුවෙමින් නිවෙස් තුළ ප්‍රතිකාර ලබාගැනීමට කැමැත්තක් දක්වන කොවිඩ් ආසාදිතයින්ට සහ නිරෝධායන වන පවුල් සඳහා එම වැඩසටහන ඉදිරියටත් ක්‍රියාත්මක වේ.
-පංචාලි අබේසේකර