එන්නත ගැටළුවක් වූ විදෙස්ගත වන අයට හෙට සිට විසදුම් !

Published in පුවත්
Monday, 30 August 2021 20:03

ශ්‍රීලංකාව තුළ මේ වන විට සීග්‍රයෙන් පැතිර යන කොරෝනා වසංගතයට අභියෝග කරමින් මෙරට එන්නත්කරණය දිනෙන් දින සාර්ථකව ඉදිරියට ඇදෙමින් ඇත.

එසේම මෙම වසංගතය හේතුවෙන් රටෙහි පුරවැසියා මුහුණ දෙන බාහිර මෙන්ම අභ්‍යන්තර ගැටළු වලට විසදුම් ලබා දෙමින් රට ඉදිරියට ගෙන යාමට වත්මන් ආණ්ඩුව මහත් පරිශ්‍රමයක් ගනු බව පෙනේ.

මෙම මොහොතේ රටෙහි සෑම දිශාන්තියකටම අවදානය යොමුකරමින් සිටින වත්මන් පාලකයන් මෙවර නැවතත් රට යන්න ඉන්න සිසුන්ට සහ ශ්‍රමිකයින්ට විශාල ගැටලුවක්ව තිබු එන්නත සම්බන්ධයෙන් සුභදායි පිළිතුරක් හෙට දිනයේ සිට ලබා දීමට සුදානම්ව සිටි.

එනම් විදේශ රැකියා සඳහා පිටත්ව යාමට සූදානම් වන මෙරට ශ්‍රමිකයින්ට ඒ , ඒ රටවල් සඳහා ගැලපෙන එන්නත ලබා දීමේ වැඩසටහන යළි හෙට (30) සිට ආරම්භ කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරි මංගල රන්දෙනිය මහතා ප්‍රකාශ කර සිටීමත් සමගය. මංගල රන්දෙනිය මහතා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව සඳහන් කර ඇත.

ඒ අනුව,

? මෙම වැඩපිළිවෙළ පිළිබඳව සියලු තොරතුරු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ දැක්වෙයි.

? එම පුද්ගලයින් කාර්යාංශයට ගෙවිය යුතු මුළු මුදල ගෙවා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පූර්ව ලියාපදිංචි විය යුතු ය.

?අනතුරුව සාර්ථකව මෙම ලියාපදිංචිය ලබා ගත්තේ ද , යන්න කෙටි පණිවිඩයක් මගින් දැනුම් දෙනු ඇති.

?නාරාහේන්පිට පිහිටි යුද හමුදා‌ රෝහලේදී එන්නත්කරණය සිදු කරන අතර, එය ද කෙටි පණිවිඩයක් මගින් නිශ්චිත දිනයක් හා වේලාවක් සඳහන් කර දැනුම් දෙනු ලබයි.

? අදාළ එන්නත් වර්ගය කුමක්ද යන්න පිළිබඳවත් මේ හරහා දැනුම් දෙනු ඇති.

මේ අතර විදෙස්ගත අධ්‍යාපනය සඳහා යොමුවන සිසුන් එන්නත් ලබාගන්නේ කෙසේද යන්න පිළිබඳවත් මංගල රන්දෙනිය මහතා සඳහන් කර තිබුණු අතර එසේ අධ්‍යාපනය සඳහා විදෙස්ගත වන සිසුන් සෑම අවස්ථාවකදීම ඔවුන් සඳහා වූ එන්නත් වැඩපිළිවෙළට යොමු විය යුතු බවත් ඔහු පවසා ඇත.

තවද ඔහු කියා සිටියේ රැකියා සඳහා යොමුවන පිරිස්වලට අදාළ එන්නත් වැඩපිළිවෙළට සිසුන්ට යොමු නොවන ලෙසටයි.

එසේම මේ වන විට ස‌යිනෝෆාම් එන්නත පිළිබදව සමාජයේ විවිධ මත පැතිර ඇති අතර ඒවා බොහොමයක් අසත්‍ය ප්‍රචාරයන්ය. විදෙස්ගත වන පිරිස් සඳහා ස‌යිනෝෆාම් එන්නත පිළිනොගනී යන සමාජයේ පැතිරී යන මතය ගැනද, මංගල රන්දෙනිය මහතා පැහැදිලි කිරීමක් කරමින් කියා සිටියේ මීට පෙර ස‌යිනෝෆාම් එන්නත පිළිනොගත් රටවල් වර්තමානයේදී එම එන්නත පිළිගනිමින් සිටින බවත්, ස‌යිනෝෆාම්හි තුන්වන මාත්‍රාවක් ලබා දී සිය රට සඳහා යොමු කරන්නැයි ද, විදෙස් රටවල්වලින් ඉල්ලීම් ඇති බවත් ඔහු සදහන් කර ඇත.

රන්දෙනිය මහතා විශේෂයෙන් සඳහන් කර සිටියේ, ඉදිරි සතිය හෝ සති 02ක් ඇතුළත විදෙස්ගතවීමට බලාපොරොත්තු වන්නේ නම්, 1989 අමතා සිය කරුණු පැහැදිලි කර කඩිනම්න් එන්නත්කරණය සඳහා යොමුවිය යුතු බවය.

මීට අමතරව විදෙස්ගතවීමට බලාපොරොත්තු වන ශ්‍රමිකයින්ට යම් ගැටලුවක් ඇති නම්, පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංකයක් හදුන්වා දීමටද විදෙස් කටයුතු අමාත්‍යංශය පියවර ගෙන ඇත. ඒ අනුව 1989 අංකය අමතා සිය ගැටලුව ඉදිරිපත් කර සිය ගැටලුවට විසඳුම් ලබා ගත හැකි බවත් අමාත්‍යංශය නිවේදනය කර තිබේ.

මේ අතර 30,000 කට අධික පිරිසක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මේ වනවිට ලියාපදිංචි වී ඇති අතර, එයින් 12,000 කට අධික පිරිසකට එන්නත ලබා දී තිබේ. මේ සියල්ල ඔබේ හෙට දවසේ අනාගතය සුබවාදී කිරීම පිණිස වසංගතයක් මොහොතක ඔබේ පහසුව , ඔබේ අනාගතය වෙනුවෙන් වත්මන් ආණ්ඩුව ගනු ලැබූ සුබවාදී තීරණයන්ය. එසේනම් අන්කවරදාකටත් වැඩියෙන් මෙම වෛරසය සමග ඔබ ඔබේ වගකීම් සහගත බව පවත්වා කටයුතු කිරීම ඔබේ යුතුකම වේ .

-පංචාලි

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us