එහි සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ, සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 08ක් සහ ෆයිසර් මාත්‍රා මිලියන 04ක් මෙරටට ලැබීමට නියමිත බවය.
මේ වන විට මෙරටට කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 22කට අධික ප්‍රමාණයක් ලැබී ඇති බව විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේය.
දිනකදී මෙරට තුළ ලබා දුන් වැඩිම එන්නත් ප්‍රමාණය ඊයේ (01) දින ලබා දී ඇත. එම සංඛ්‍යාව 511142 ක් ලෙස දැක්වේ.
-පංචාලි අබේසේකර