දිනක් තුළ මෙරටට ලැබෙන විශාලතම එන්නත් මාත්‍රා තොගය මෙය බව ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පෙන්වා දෙයි.
ඒ අනුව, මේ දක්වා චීනය විසින් එන්නත් මාත්‍රා මිලියන 22ක් ශ්‍රී ලංකාවට ලබාදීමට පියවර ගෙන ඇති බව චීන තානාපති කාර්යාලය පවසයි.
මේ වන විට (ඊයේ දිනය වනවිට ) ශ්‍රිලංකාවේ සමස්ථ එන්නත්කරණයේ ප්‍රගතිය මෙලෙස දැක්විය හැකිය ,
පළමු මාත්‍රාව දෙවන මාත්‍රාව
සයිනොෆාම් 9,937,161 6,798,514
ඇස්ට්‍රාසෙනෙකා 1,389,752 885,965
මොඩර්නා 771,787 685,107
ස්පුට්නික් වී 159,088 25,489
ෆයිසර් 306,421 187,019
-පංචාලි අබේසේකර