මේ අතර කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (08) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක විය. ඒ අනුව අද දිනයේ එන්නත්කරණ වැඩසටහන් ස්ථාන 416කදී සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.
කොළඹ, ගම්පහ, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්ක වල වයස අවුරුදු 20 – 29 අතර වයස් කාණ්ඩ සඳහාද මෙම ස්ථාන වලදී අද එන්නත් ලබා දීම සිදු විය.
-පංචාලි අබේසේකර