පාසල් ආරම්භ කිරිම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා පත්කළ තාක්ෂණක කමිටුවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, වසංගත රෝග ඒකකය, ළමා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඇතුලු සංගම් කිහිපයක් එක්වී තිබේ . පාසල්වල අධ්‍යයන හා අනධ්‍යන කාර්ය මණ්ඩල මෙන්ම පාසල් ප්‍රවාහන රථ රියදුරන් 20,000 ක් පමණ එන්නත්කරණයට ලක්වී නොමැති බව අද රැස්වූ කමිටුවේදී අනාවරණය වී තිබේ.
ඔවුනට කඩිනමින් එන්නත් ලබාදීමට පියවර ගැනෙන අතර නව දුරකථන අංකයක් හදුන්වා දී ඒ ඔස්සේ එන්නත් ලබාගැනීමට ඇති ගැටලු නිරාකරණය කර දීමට ද මෙහිදි වැඩපිළිවෙලක් ඉදිරිපත් වී ඇති බවයි වාර්තා වෙන්නේ.
-පංචාලි අබේසේකර