මෙරට එන්නත්කරණ ක්‍රියාවලිය තවදුරටත් පුළුල් කිරීම සදහායි මෙම එන්නත් ලබාදීම සිදු කෙරෙන්නේ.
සිනොවැක් යනු ලොව මෙතෙක් වැඩි වශයෙන්ම භාවිත කර ඇති එන්නත් වර්ගයයි.
පසුගිය මාසය අවසන් වන විට ලොව පුරා රටවල් 50 කට වැඩි සංඛ්‍යාවකට මෙම එන්නත් මාත්‍රා බිලියන 1.8 කට වැඩි ප්‍රමාණයක් සම්පාදනය කර තිබෙනවා. මේ අතුරින් බිලියන 1.4 ක ප්‍රමාණයක් දැනටමත් භාවිතයට ගෙන අවසන්.
මේ හේතුවෙන් එන්නත් පිළිබද ඇතැමුන් ගෙන යන අසත්‍ය ප්‍රචාරවලට රැවටීමෙන් වළකින්නැයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
-පංචාලි අබේසේකර