එහි සභාපතිවරයා සඳහන් කර සිටියේ ඒ අනුව ග්රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 90කින් හා කිලෝ ග්රෑම් 1 කිරිපිටි පැකට්ටුවක් රු 225කින් මිල ඉහළ නැංවීමට කටයුතු කළ බවය.
මිල සංශෝධනය කිරීමෙන් අනතුරුව ග්රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 470කට සහ කිලෝග්රෑම් 1 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 1,170කට අලෙවි කෙරේ.
එසේම පැලවත්ත කිරි පිටි ග්රෑම් 400 පැකට්ටුවක මිලරුපියල් 80කින් ඉහළ දමා ඇත.
කෙසේ නමුත් දේශීය කිරිපිටි මිළ ඉහළ දැමුවේ කිරි ගොවියාට ඉහළ මිලක් ලාබා දීමේ අරමුණින් බව රජයේ බලධාරීන් පෙන්වා දී තිබිණි. පෙර අවස්ථාවක මිලිකෝ සභාපතිවරයා පවසා තිබුණේ දේශීය කිරි ගොවීන්ගෙන් වැඩි මිළක් ගෙවා පෞද්ගලික අංශය එළකිරී මිළදී ගැනීම හේතුවෙන් මිල්කෝ ආයතනයට කිරි එකතුකර ගැනීමේ ගැටළුවක් ඇති බවය. මේ නිසා කල්කිරි නිශ්පාදනය අත්හිටුවීමට සිදුවූ බවය.