ගව ඝාතනය තහනම් කිරීම ස්ථිරයි...!

Published in පුවත්
Tuesday, 19 October 2021 13:11

මෙරට තුළ ගව ඝාතනය තහනම් කිරීමට සහ ඊට අදාළ නීති සහ රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඊයේ (18) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අමාත්‍ය මණ්ඩලයට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇති අතර එහිදී ඊට අදාළ අනුමැතිය හිමිව ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

දේශීය කෘෂිකර්මාන්තය සහ දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ගව ඝාතනය තහනම් කිරීමටත්, ඊට අදාළ නීති සහ රෙගුලාසි මෙන්ම ගව ඝාතනයට අදාළව පළාත් පාලන ආයතන විසින් සම්මත කරන ලද අනු නීති සංශෝධනය කිරීමටත්, පසුගිය වසරේ සැප්තැම්බර් මස 28 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිවුණි.

ඒ අනුව පනත් සහ ආඥා පනත් කිහිපයක් සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් පනත් කෙටුම්පත් සකස් කර ඇති බව සඳහන් වේ.

*272 අධිකාරය වන 1893 අංක 9 දරණ ගව ඝාතක ආඥාපනත

*1958 අංක 29 දරණ සත්ත්ව පනත

* 525 අධිකාරය වන මහනගර සභා ආඥාපනත

*255 අධිකාරය වන නගර සභා ආඥාපනත

*1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත

එම කෙටුම්පත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානයන්ට අනනුකූල නොවන බව නීතිපතිවරයා විසින් සහතික කර තිබේ.

ඒ අනුව එම පනත් කෙටුම්පත් රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් නියමිත අතර ඒ සදහා අවශ්‍ය අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව සඳහන් වේ.

ගව ඝාතනය සහ අතීතය
---------------------------------

“එපා එපා මස් කන්නට කිරි අම්මාගේ…” නම් ගීතය නිහාල් නෙල්සන් ගැයුවේ මීට වර්ෂ 20කට පමණ පෙර යි. එය ඉතා ජනප්‍රිය වුණා. ශ්‍රී ලංකාවේ ගව ඝාතනය තහනම් කිරීමේ අදහස මෑත අතීතයේ ප්‍රබලව නැගුණේ පසුගිය සියවස මුල දී අනගාරික ධර්මපාලතුමාගේ (1864-1933) මූලිකත්වයෙන්. “ගෙරිමස් කන්නෝ වසලයෝ” යි අනගාරික ධර්මපාලතුමා වරෙක පැවසුවා.

ගව ඝාතන තහනම ගැන යළිත් වරක් කතාබහක් ඇති වුණේ වත්මන් ආණ්ඩුව පත්වූ පසු යි. ආණ්ඩුව පත්වූ පසු ගව ඝාතනය තහනම් කිරීමට කැබිනට් යෝජනාවක් අගමැති මහින්ද රාජපක්ෂ ගෙන ආවත්, ප්‍රායෝගික දුෂ්කරතා නිසා එය කල් දැමීමට වුවා. මෑත අතීතයේ දී යළිත් වරක් ගව ඝාතනයට එරෙහිව බෞද්ධ සමාජයේ විරෝධතා මතුවුණේ, 2013 මැයි 24 වෙනි දා මහනුවර දළදා මාලිගාව ඉදිරිපිට දී ගවඝාතනය නතර කරන ලෙස ඉල්ලා තම සිරුරට ගිනි තබාගෙන අපවත් වූ බෝවත්තේ ඉන්ද්‍රරතන හාමුදුරුවන් නිස යි.

ඊට පසු මල්වතු අස්ගිරි මහ නායක හිමිවරු ඇතුළු බෞද්ධ ප්‍රජාව අතරින් ගව ඝාතනයට එරෙහි හඩක් නැගුණ ද එය ටික කලකින් යටපත් වී ගියා. එපමණක් නොව මහා ඉතිහාසයකට උරුමකම් කියන අප අතීතයේ සෙල්ලිපි තුළ පවා ගව ඝාතකයන්ට මරණිය දණ්ඩනය නියම වූ බව මහා වංශ කතාවල සදහන්. එළාර රජු සිය පුතාගේ අශ්ව කරත්තයේ හැපී වසු පැටවකු මිය ගිය නිසා පුතුට මරණ දඬුවම නියම කළ බව ඉතිහාසයේ සඳහන්. එසේ බලන කළ ඉතිහාසයේ සිටම ගවයාට හිමි වුයේ සුවිශේෂී තැනක්ය. එය සංස්කෘතික ,ආගමික ,මානුෂිය හෝ වෙනයම් හේතු මත එය එසේ සිදු විය.

කෙසේවෙතත් නැවතත් ගව ඝාතන තහනම පැනවීමට වත්මන් රජය කටයුතු කරමින් සිටි. මෙම තීරණය ගැනීමට හේතුව ගව ඝාතනය ඉහළ යාම නිසා දේශීය කෘෂිකර්මාන්තය සහ දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා අපහසු වීමත් ,ගොවිතැන් කටයුතුවලට ප්‍රමාණවත් ගවයන් නැතිවීමත් යන කරුණු මතය. එහෙත් රජය පවසන පරිදි ගව මස් පරිභෝජනය කරන ජනතාවට එම මස් පිටරටවලින් ආනයනය කර ලබාදීමට නියමිත බවත්, වයස්ගත ගවයන් රැකබලාගැනීමට අවශ්‍ය පිරිවැය රජයෙන් ලබා දී ඒ සදහා අවශ්‍ය කටයුතු සුදානම් කරන බවත් රජය පවසයි.

-පංචාලි

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us