හය වසරකට පසු ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර සෘජු ගුවන් ගමන් යළි ඇරඹේ !

Published in පුවත්
Monday, 01 November 2021 10:38

වසර හයකට පසු ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර යළි සෘජු ගුවන්ගමන් ආරම්භ කර තිබේ .

ඒ අනුව අද අළුයම එකට ul 563 දරණ ශ්‍රී ලංකන් එයාර් ගුවන් යානයක් ප්‍රංශයේ පැරිස් නුවර Charles De Gaulle ගුවන් තොටුපොළට පිටව ගොස් ඇත. සෑම සතියකම බදාදා ,සිකුරාදා සහ ඉරිදා කටුනායක ගුවන් තොටුපොළේ සිට පැරිස් Charles De Gaulle ගුවන් තොටුපොළ දක්වා ශ්‍රී ලංකන් එයාර් ගුවන් යානයක් ගමන් කරන අතර එදිනම සවස ප්‍රංශයේ සිට ශ්‍රී ලංකාව බලා තවත් ශ්‍රී ලංකන් එයාර් ගුවන් යානයක පැමිණීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර මුලින්ම ගුවන් ගමන් ආරම්භ කෙරුණේ 1980 දීය. පසුව 2015 වසරේදී මෙම සෘජු ගුවන් ගමන් සේවාව නතර කෙරුණි. එහෙත් මේ වන විට සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි ලෝකයේ විවිධ ගමනාන්ත කරා සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම කටයුතු යොදා තිබේ. කොළඹ සහ ප්‍රංශයේ පැරිස් නුවර අතර අද අළුයම මෙම සෘජු ගුවන් ගමන් ආරම්භ කෙරුණේ ඒ අනුවයි. කටුනායක ගුවන් තොටුපළේ සිට ප්‍රංශයේ පැරිස් නුවර Charles De Gaulle ගුවන් තොටුපළට ගමන් කිරීමට පැය 10කට ආසන්න කාලයක් ගත වේ. පළමු ගුවන් ගමන සඳහා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ගුවන් තොටුපළ සහ අපනයන සැකසුම් කලාප සංවර්ධන අමාත්‍ය ඩි .වී.චානක ,ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ ,සිවිල් ගුවන් සේවා අධිකාරීයේ සභාපති උපුල් ධර්මදාස ,රාජ්‍ය අමාත්‍යංශ ලේකම් මාධව දේවසුරේන්ද්‍ර ඇතුළු පිරිසක් මේ සදහා එක්ව ඇත.

ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීම නිමිත්තෙන් කටුනායක ගුවන්තොටු පොළේ සෙරන්ඩිබ් ශාලාවේ දී උත්සවයක් පැවැත්වූ අතර එහිදී සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කර ඇත්තේ ඉදිරියේදී නව ගමනාන්ත රැසකට සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට ශ්‍රීලංකා ගුවන් සමගාම කටයුතු යොදා ඇති බවයි.

මෙය රටක් වශයෙන් වසර ගණනාවකට පසු අප තැබූ තවත් දියුණුවේ පියවරක් බව කිව යුතුය. විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරය ගොඩනැංවීම කෙරෙහි මහත් බලාපොරොත්තු තබා තිබෙන විට ලෝකයේ කොහේ හෝ සිට පහසුවෙන් ශ්‍රී ලංකාවට පැමීණීමේ පහසුකම් සලසා තිබීම විය යුතුය. මේ අනුව රටේ ආර්ථිකයට සෘජුවම බලපාන බොහෝ සේවා අඩාල වී තිබු යුගයක එම සේවාවන්වලට නැවතත් නැවුම් මුහුණුවරක් තබමින් වත්මන් රජය රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට උත්සුක වීම වැදගත් කොට සැලකිය යුතුය.

-පංචාලි

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us