ආණ්ඩුව වගකීම් ඉටු නොකරන්නේ නම් අලුත් බලවේගයක් සොයන්න - ජනපති

Published in පුවත්
Wednesday, 10 November 2021 15:28

තමන් හෝ තම අමාත්‍ය මණ්ඩලය මෙන්ම මන්ත්‍රී කණ්ඩායමෙන් ජනතාව බලාපොරොත්තු වන වගකීම් ඉටු නොකළ හොත් යළි පැරණි කණ්ඩායම් බලයට ගෙන ඒමට කටයුතු නොකරන ලෙසද ජනාධිපතිවරයා ඉල්ලා සිටියා.

ඒ වෙනුවට අලුත් බලවේග සොයන ලෙසද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවට ඇරයුම් කළා.

විරුද්ධ පක්ෂය තමන්ගේ වගකීම් හඳුනා ගෙන කටයුතු කල යුතු බව සිහිපත් කල ජනාධිපතිවරයා රට වෙනුවෙන් ආණ්ඩුව සමග ක්‍රියාත්මක වන විපක්ෂයක් තමන් බලාපොරත්තු වන බවද කියා සිටියා.

අද අරලියගහ මන්දිරයේදී පැවැති ජාතික විද්‍යා දින සැමරුම් උත්සවයට එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ බව කියා සිටියා.

රටක විපක්ෂයක් කළ යුත්තේ ආණ්ඩු පක්ෂය ගෙන යන සියළුම ව්‍යාපෘතීන් විවේචනය කිරීම නොවන බවත් රට නව සාමාන්‍යකරණය යටතේ විවර වූ අවස්ථාවේ සිට ගෙන යන උද්ඝෝෂණ හරහා තවත් කොවිඩ් රැල්ලක් ඇති විය හැකි බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

එසේ වුවහොත් යළි රට වසා දැමීමට මෙන්ම පාසල් සහ ආර්ථික ක්‍රියාවලිය අඩපණ වීමද සිදුවිය හැකි බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළා.

මේ අතර , ආරක්ෂක අංශ වලට මෙන්ම විදේශයන්හි අධ්‍යාපනය හදාරන සිසුන්ට ද මෙරට අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ලබා දීමේ වැදගත්කම සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා මෙහිදී අදහස් පල කළා.

කොතලාවල විශ්වවිද්‍යාලය වැනි ආයතන අධ්‍යාපන කඩයක් හෝ වෙළඳාමක් කිරීමට නොව ඒවා තවත් දියුණු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කිරීමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පෙන්වා දුන්නා.

ඒ සඳහා අවශ්‍ය නීති රීති සංශෝධනය කර හෝ අධ්‍යාපනය නගා සිටුවීමට කටයුතු කළ යුතු බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us