ජොන්ස්ටන්ගෙන් විපක්ෂයට අභියෝගයක්....

Published in පුවත්
Sunday, 14 November 2021 13:49

කයිවාරු විවේචන විතරක් එපා විපක්ෂයට වැඩ පිළිවෙලක් නෑ. වැඩ පිළිවෙලක් තියෙනව නම් රටේ ප්‍රශ්න විසඳන විදිය පැය 24ක් ඇතුළත ජනතාවට කියන්න...

අද වන විට මුළු ලෝකයම අර්බුදයට ලක් වෙච්චි අවස්ථාවක්. අපේ ලංකාව විතරක් නෙවෙයි ලෝකයේ හැම රටක්ම කොවිඩ් වසංගතය නිසා ආර්ථික වශයෙන් අර්බුදයට ලක්වෙලා. නමුත් අපේ ආණ්ඩුව එම අර්බුදය හොඳින් කළමනාකරණය කරමින් සිටිනවා.

මම දැක්කා විපක්ෂය කියනවා බඩු මිල අඩු කළේ නෑ කියලා. ඇමරිකා එක්සත් ජනපදය, එංගලන්තය, ප්‍රංශ විතරක් නෙවෙයි ලෝකයේ හැම රටක්ම පාහේ උද්ධමනය වැඩි වෙලා. මේ උද්ධමනය වැඩිවීම අපට විතරක් බලපාන දෙයක් නොවේ. අද තාක්ෂණය දියුණුයි. පොඩ්ඩක් අන්තර්ජාලය පරිහරණය කරලා බලන්න. බොරු වපුරන්න එපා, හරියට අපේ රටේ විතරයි ප්‍රශ්න තියෙන්නෙ කියලා. උද්ධමනය වැඩි අපේ රටේ විතරයි කියලා විපක්ෂය පෙන්නන්න හදන්නේ.

කොවිඩ් වසංගතය නිසා සෑම දෙයකම මිල ඉහළ ගිහින් තියෙන්නේ.ලෝකයේම නිෂ්පාදන පහලට වැටිලා. කර්මාන්ත ජාල ගෝලීය වශයෙන් බිඳවැටිලා. බහුපාර්ශ්වීය වගේම ද්විපාර්ශ්වීය උපකාර සීමා වෙලා. කොවිඩ් අර්බුදය හේතුවෙන් හැම රටකටම වගේ අනෙක් රටවල් උදව් කරන්න විදිහක් නෑ. මොකද හැම රටකටම තමුන්ගේ අභ්‍යන්තර ගැටලු විසඳා ගන්න වෙලා තියෙන්නෙ නිසා. ඉතින් මේ වගේ කරුණු නිසා ධනවත් රටවල් වලින් ණය ලබා ගැනීම, ආධාර ලබා ගැනීම යම් අපහසුතාවක් තිබෙනවා, ලෝකයේ හැම රටකටම.

අපි නිෂ්පාදන ආර්ථිකයක් කරා යා යුතුව තිබෙනවා. හැමදාම කාගෙන්වත් යැපෙන්නේ බෑ කියන එක මේ කොවිඩ් වසංගතයක් එක්ක හැමෝම තේරුම් අරන් තිබෙනවා. ඒ වගේම සංවර්ධන කටයුතු අඛණ්ඩව කරගෙන යාම අත්‍යවශ්‍යයි. මොකද තව දුරටත් අපේ රට ආපස්සට ගෙන යන්න බෑ. මාර්ග ඇතුළු යටිතල පහසුකම් දියුණු වුණොත් තමයි රටක් දියුණු වෙන්නේ. විපක්ෂයේ අය අහනවා ඇයි පාරවල් හදන්නේ කියලා. හදන්නේ රට සංවර්ධනය කරන්න. මේවා ඉදිරි ආයෝජන. විපක්ෂයේ මන්ත්‍රීවරු අපෙන් ඉල්ලන්නේ පාරවල් ඔවුන් දන්නවා පාරක වටිනාකම.එහෙම ඉල්ලලා අහනවා පාරවල් සංවර්ධනය මොකටද කියලා.

ඒ වගේම මෙවර අයවැයෙන් සෑම ග්‍රාම සේවා වසමකටම මිලියන තුනක් වෙන් කරලා තියෙනවා. පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට මිලියන 5ක් ලබා දීලා තියෙනවා. අපිට පක්ෂ නෙවෙයි වැදගත් වෙන්නේ, ජනතාවට සේවය කරන එකයි. සමෘද්ධිය ‍ ග්‍රාම සංවර්ධන ව්‍යාපාරයක් කරලා තියෙනවා.

අපි මන්ත්‍රී විශ්‍රාම වැටුප ලබා දෙන්න නම් අවුරුදු 10ක් ඉන්න ඕනි කියන එක මෙවර අය වැයෙන් අපි ඉදිරිපත් කරලා තියෙනවා. මන්ත්‍රීවරුන්ගේ, රාජ්‍ය නිලධාරීන්ගේ ඉන්ධන කප්පාදු කරලා තිබෙනවා. දුරකථන බිල්පත් වලින් 25% ක් අඩු කරලා තියෙනවා. මෙහෙම අපි ආදර්ශයක් දුන්නා රජයේ වියදම් අඩු කරලා.

අපි අනිවාර්යෙන් නිෂ්පාදන ආර්ථිකයක් කරා යා යුතුමයි.ලෝකෙ රටවල් මේ වනවිට කොවිඩ් වසංගතය නිසා විනාශ වෙච්ච ආර්ථිකය හදා ගන්න වෙර දරනවා. බඩුමිල වැඩි වීම තාවකාලිකයි.නිශ්පාදන අඩුවෙනකොට ඉල්ලුමට සරිලන සැපයුමක් නැති වෙනකොට භාණ්ඩ මිල ඉහළ යනවා.නැවත් නිෂ්පාදන වෙනකොට භාණ්ඩ වෙළඳපොළට එනකොට මිල ආයෙත් පහළ යනවා.මේ ලෝකයටම අර්බුද තියෙන වෙලාවේ විපක්ෂය කරන්නේ කයිවාරු ගහන එකයි. විවේචනය කරන එකයි විතරයි. මම විපක්ෂයට අභියෝගයක් ලබා දෙනවා. ඔච්චර විවේචනය කරන එකේ කයිවාරු ගහන එකේ විපක්ෂය රටේ ආර්ථිකය ගොඩනගන්න ඔවුන් වැඩපිළිවෙළක් සකස් කරලා ඇති කියලා. ඒ හින්දා විපක්ෂයට කියනවා ආර්ථිකය වැටිලා නම් ගොඩ ගන්න විදිය පැය විසි හතරක් ඇතුළත ජනතාව වෙත ඉදිරිපත් කරන්න කියලා.ඇත්තම කතාව විපක්ෂයට වැඩ පිළිවෙලක් නෑ.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කළේ 2021-11-14 වන දින මහාමාර්ග අමාත්‍යාංශයේ දී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us