ඉන්ධන වල ප්‍රමිතිය සම්බන්ධයෙන් පැමිණිලි රැසක් බස් රථ හිමියන්ගෙන් ලැබී ඇති බැවින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර සැබෑ තත්ත්වය රටට හෙළි කරන ලෙසත් විජයරත්න මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.
බස් රථ වලට යොදවන ඔටො ඩීසල්වල දහනය වීමේ සම්භාවිතාව ඉතා වැඩි බවට බස් රථ හිමියන්ගෙන් පැමිණිලි රැසක් මේ වන විට ලැබී ඇතැයිද ඔහු සිදු කළ පැමිණිල්ලේ සඳහන් වේ.
එමෙන්ම මෝටර් රථ වලට යොදන පෙට්‍රල් වල පවා දහනය වීමේ සම්භාවිතාව වැඩි බවත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙසත් ඔහු පොලිස්පතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලීමක් කරයි.
lankadeepa