"අභියෝග ජයගත් සෞභාග්‍යමත් මවුබිමක්" යන තේමාව යටතේ 74 වන ජාතික නිදහස් දින සැමරුම කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී අභිමානවත්ව පැවැත්විය යුතු බව එහි දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ තීරණය වී තිබේ. මෙවර ජාතික නිදහස් දින සැමරුම් උළෙලේ විශේෂත්වය වන්නේ නිදහස් දින උළෙලට සමගාමීව පැල ලක්ෂ පහක් සිටුවීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වීමය.
74 වන නිදහස් උලෙළේ සාර්ථක කර ගැනීම සඳහා අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතනවලට පැවරී ඇති වගකීම් සම්බන්ධයෙන් මෙහි දී අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමු විය.
උත්සව කටයුතු සඳහා නිසි සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුකූලව පූර්ණ එන්නත්කරණයට ලක්වූ අය පමණක් සහභාගි කරගත යුතු බව ද එහිදී අගරමත්යවරයා අවධාරණය කර ඇත.
-පංචාලි අබේසේකර