සංවර්ධනයේ මාවත.... Featured

Published in පුවත්
Tuesday, 07 December 2021 10:30

ග්‍රාමීය අඩු ආදායම්ලාභීන්ගේ නිවාස ගැටලුව විසඳීම සඳහා “ඔබට ගෙයක්-රටට හෙටක්” නිවාස වැඩසටහන යටතේ 2024 වර්ෂය වනවිට නිවාස 71,110ක් ඉදිකිරීමට නියමිත බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසා තිබේ.

අය-වැය 2022 නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදය ආරම්භ කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මේ පිළිබදව අදහස් පල කර තිබේ.

''ඔබට ගෙයක් රටට හෙටක් '' ප්‍රගතිය
-------------------------------------------

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව සෑම පවුලකට ම සුවපහසු නිවසක් ලබා දීම රජයේ අරමුණයි. මේ යටතේ නාගරික, ග්‍රාමීය, වතු සහ අවතැන්වූවන් නැවත පදිංචි කිරීම වෙනුවෙන් නිවාස ඉදිකරමින් පවතී .නාගරික අඩු පහසුකම් ජනාවාස වෙනුවෙන් 2024 වන විට නිවාස 50,000ක් නිම කිරීමට රජයේ අපේක්ෂාවයි . ඒ අනුව, මේ වන විට නිවාස ඒකක 14,083ක ඉදිකිරීම් අවසන් කර ජනතාවට ලබා දීමටත් වත්මන් ආණ්ඩුව කටයුතු කර තිබේ. ඒ අනුව 2024 වන විට කොළඹ ප්‍රදේශයේ පවතින අඩු පහසුකම් ජනාවාස නවීන මහල් නිවාස සංකීර්ණ බවට පත් කිරීමට රජය දරන උත්සාහය සාර්ථක වනු ඇත.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ රාජ්‍ය අමාත්‍යාංශ 4 ක් මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතී. රජය මේ වන විට නගර සංවර්ධන සැලසුම් 21 ක් අවසන් කර ඇති අතර තවත් නගර සැළසුම් 52ක් අවසන් කරමින් සිටි. කෙසේවෙතත් 2024 වර්ෂය වන විට තවත් නගර සංවර්ධන සැළසුම් 136 සකස් කිරීම වත්මන් රජයේ අපේක්ෂාව වී ඇත. එපමණක් නොව පසුබට නගර සංවර්ධනය කිරීම හා අලංකරණය කිරීම වෙනුවෙන් හඳුන්වා දුන් “සියක් නගර” ව්‍යාපෘතිය යටතේ නගර 117ක් අලංකරණය සඳහා තෝරා ගෙන තිබේ . 2022 වර්ෂයේදී තවත් නගර 100ක් මෙම ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කිරීමට ද නාගරික වාහන තදබදයට විසඳුම් ලෙස රථගාල් ව්‍යාපෘති 12ක් ඉදිකිරීමට ද රජයේ සැළසුමයි.

මේ වන විට මධ්‍යම පාන්තිකයින් සඳහා නිවාස ඒකක 1108ක් 2021 වර්ෂයේදී ප්‍ර‍තිලාභී අයිතියට ලබා දීමට රජය කටයුතු කර ඇත. තවත් මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘති 13ක් මඟින් නිවාස ඒකක 6128 ක් ඉදි කිරීමට සැළසුම් කර තිබේ.

ග්‍රාමීය අඩු ආදායම්ලාභීන්ගේ නිවාස ගැටළුව විසඳීම සඳහා “ඔබට ගෙයක්-රටට හෙටක්” නිවාස වැඩසටහන යටතේ සෑම වසරකම දිවයිනේ ග්‍රාම නිලධාරී වසම් 14022 ආවරණය වන පරිදි එක ගමකට එක් ගෙයක් බැගින් ඉදිවනු ඇත . 2024 වර්ෂය වන විට මෙම වැඩසටහන මගින් ඉදිකිරීමට නියමිත මුළු නිවාස සංඛ්‍යාව 71110ක්.

“සියපත මහල් නිවාස” ව්‍යාපෘති ප්‍රගතිය
----------------------------------------------------

“සියපත මහල් නිවාස” ව්‍යාපෘතිය යටතේ සෑම මැතිවරණ බල ප්‍රදේශයකටම නිවාස ඒකක 100කින් යුත් මහල් නිවාස ව්‍යාපෘතියක් බැගින් ඉදිකිරීමට නියමිතයි.ඒ අනුව දැනට සියපත නිවාස ව්‍යාපෘති 3ක ඉදිකිරීම් ආරම්භ කර තිබෙනවා. අවතැන්වූවන් නැවත පදිංචි කිරීම වෙනුවෙන් නිවාස 6000ක් ඉදිකිරීමට සැලසුම් කර ඉදිකිරීම් කටයුතු මේ වන විට ක්‍රියාත්මක කරමින් පවති.

වතු ප්‍ර‍ජාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහා ඉන්දියානු රජයේ ආධාර යටතේ නිවාස 4000ක් ඉදිකිරීමේ සහ යටිතල පහසුකම් සැපයීමේ වැඩසටහන සාර්ථකව අවසන් කිරීමටද වත්මන් රජයට හැකිවී ඇත. එපමණක් නොව 2022 වර්ෂයේ සිට වතු ප්‍ර‍ජාව සඳහා නිවාස 10,000ක් ඉදිකිරීමේ ඉන්දියානු ආධාර වැඩසටහනද ආරම්භ කෙරෙන වීමට නියමිතය. එය රටෙහි සංවර්ධනාත්මක එක් යෝධ පියවරක් වනවා නිසැකය.

“මිහිදු නිවහන” නිවාස ප්‍රගතිය
------------------------------------------------

භික්ෂූන් වහන්සේලාගේ දෙමාපියන් වෙනුවෙන් ආරම්භ කළ “මිහිදු නිවහන” නිවාස වැඩසටහන යටතේ නිවාස 2000ක් ඉදි කිරීමට රජය සැළසුම් කර තිබේ. මෙම වැඩසටහන ද සාර්ථකව මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවති.

සංචාරක කර්මාන්තයේ නව බලාපොරොත්තු
------------------------------------------------------------

ඉදිරියට අපේක්ෂා කරන සංචාරක කර්මාන්තයේ පිබිදීම වෙනුවෙන් අවශ්‍ය වෙරළ සංරක්ෂණ සහ වෙරළ උද්‍යාන සංවර්ධනයටත් රජය මේ වන විට පියවර ගනිමින් සිටිනවා. එමෙන්ම, දිවයින වටා සමුද්‍රීය පරිසරයට සිදුවන හානි වළක්වා ගැනීමටත් නිරන්තර අවධානය යොමු කරමින් සංචාරක කර්මාන්තය ඔසවා තැබීමට අවශ්‍ය සාධක සපයමින් රට ඉදිරියට ගෙන යාමට රජය දැඩි උත්සාහයක නිරත වේ.

ගෝලීය කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ සමස්ත ලෝකයම පසුගාමී තත්ත්වයකට පත්වෙමින් තිබියදී පවා, නාගරික සංවර්ධන, නිවාස ඇතුළු අමාත්‍යංශ විෂයට අදාළ සංවර්ධන කටයුතු මේ වන විටත් නොපිරිහෙළා ඉටු කරමින් වත්මන් රජය මුළු රටම සංවර්ධන කරා ගෙන යන ආකාරය ප්‍රශංසනීයය.

-පංචාලි

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us