සජිත්, අනුර කියනවා වගේ රට බංකොලොත් වෙන්න ඉඩ තියන්නේ නැහැ. - ජොන්ස්ටන්

Published in පුවත්
Monday, 20 December 2021 12:33

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ "සෞභාග්‍යයේ දැක්ම" ජාතික වැඩපිළිවෙළ යටතේ ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන වැඩසටහන් යථාර්ථයක් කරලීම පිණිස දායකත්වය දැක්වූ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ විශිෂ්ටයින් ඇගයීමේ "විශිෂ්ටතා ඇගයීම් රාත්‍රිය" මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) දින මහුනවර Earl's Regency හෝටලයේදී පැවැත්විණි.

ග්‍රාමීය මාර්ග ඉදිකිරීම, ග්‍රාමීය පාලම් ඉදිකිරීම, පැළ මිලියන දෙකක් සිටුවීම යන අංශ යටතේ දක්වා ඇති දායකත්වය දැක්වූවන් ඇගයීම වෙනුවෙන් මෙම "විශිෂ්ටතා ඇගයීම් රාත්‍රිය" පවත්වනු ලැබීය.

කොවිඩ් වසංගතය වැනි ලෝක වසංගතයකට මුහුණ දෙමින් පවතින අවස්ථාවක ග්‍රාමීය ජනතාවගේ මාර්ග, පාලම් ඇතුලු යටිතල පහසුකම් සංවර්ධනය සහ පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් සිදු කරනු ලබන රුක් රෝපණ වැඩසටහන වෙනුවෙන් දායකත්වය දැක්වූ පාර්ශවයන් මෙහිදී ඇගයීමට ලක්විය.

මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්.පේමසිරි, ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය රංජිත් දිසානායක, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සර්ධා වීරකොන්, රාජ්‍ය නිර්මාණ හා සංවර්ධන නීතිගත සංස්ථාවේ සභාපති ඩී.පී.එම්.චන්දන, මග නැගුම ආයතනයේ සභාපති චමින්ද බස්නායක, පළාත් අධ්‍යක්ෂකවරුන්, ඉංජිනේරුවරුන්, ඇගයුම්ලාභීන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

මේ අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයවලට පිළිතුරු දුන් අමාත්‍යවරයා

➡️ මේ රටේ විශාල ආර්ථික අර්බුදයක් තිබිද්දිත් අයවැයෙන් සංවර්ධන ව්‍යාපෘතිවලට මුදල් වෙන් කරලා තියෙනවා. මෙසේ මුදල් වෙන් කිරීම ප්‍රායෝගිකද?

රටේ ආර්ථික අර්බුදයක් තියෙනවා කියන්නෙ ⁣ඩොලර් නැති ප්‍රශ්නයත් එක්ක. අද මේ අය වැයෙන් මුදල් වෙන් කරලා තියෙනවා මේ රටේ සංවර්ධනයට. එවිට ඒ මුදල වියදම් කරලා සංවර්ධන ව්‍යාපෘති වලට යෑම ඒ අමාත්‍යාංශ වල වගකීමක්. ඒ වගකීම තමයි අමාත්‍යවරයා හැටියට වගේම මගේ අමාත්‍යංශ නිලධාරීන් ඉටු කරන්නෙ. මේ දේම තව අවුරුදු දෙකකින් අහන්න වෙයි කොවිඩ් කාලෙදී කොවිඩ් කිය කිය සංවර්ධනය නොකලේ ඇයි කියලා අහයි. ඒ නිසා මේ රට කොවිඩ් වලට නතර වෙලා ඉන්නවාට වඩා හොඳයි මේ අභියෝග වලට මුහුණ දීලා මේ රට සංවර්ධනය කරන්න. ඒක යුතුකමක්. ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුණු පොරොන්දු තමයි මේ අපි ඉටු කරමින් යන්නේ.

➡️ ණය ගෙවීමේ අවදානමක් සහිත රටක් බවට ලංකාව පත්වෙලා මේ තත්වය .....

ගිය අවුරුද්දෙත් එහෙම කෙරුවා. ණය ගෙවන්න බැරි වෙයි කියලා කිව්වට අපි ණය ගෙව්වා. මේ තියෙන ණයත් අපි ගෙවනවා. අපි ඒ අභියෝග වලට මුහුණ දෙන්න ඕන. අපි මේ අභියෝග වලට බයේ පැනලා හැංගෙනවාද නැත්තම් ඒවාට මුහුණදෙමින් මේ රට හරි මාර්ගයට ගේනවද. මේ කොවිඩ් අර්බුදය මුලු ලෝකයම අභියෝගයකට ලක් කරපු වෙලාවක්. එවිට අපි මෙයට මුහුණ දිය යුතුයි.

➡️ ඔබතුමා ඇතුළු ආණ්ඩුව කියනවා ඩොලර් ප්‍රශ්නය තාවකාලික ප්‍රශ්නයක් මේ ප්‍රශ්නයෙන් අපිට ගොඩ එන්න පුළුවන් කියලා. නමුත් ජනතාව අන්ත දුක්ඛිත තත්වයට පත්වෙලා. හැමදේටම පෝලිම් යුගයක් නිර්මාණය වෙලා ?

මේ පෝලිම් යුගය කොවිඩ් අර්බුදය නැතිවුනත් ගිය ආණ්ඩුවෙත් දී තිබුණා. අපේ රටේ ජනතාවට තෙල් නැව එනකම් බලන් ඉන්න වුණා. ගෑස් පෝලිම් තිබ්බා. මේ අභියෝග මුකුත් නැතිවම. නමුත් බුද්ධිමත් ජනතාව දන්නවා අපේ රටට යම් කිසි අභියෝගයක් තියෙනවා කියලා. අපිට පිටරටින් එන්න තියෙන මුදල් වෙනදා වගේ ආවේ නැහැ. එකක් තමයි අපේ රටවිරුවන්ගේ ආරක්ෂාවට ඔවුන් නැවත ලක්ෂ එකහමාරක් පමණ ලංකාවට ගෙන්නුවා. ඒ රටවල ජනතාව මැරෙද්දී ඔවුන් අපේ රට ඇතුලෙ සුරක්ෂිත කරා. ඔවුන් හරහා එන්න තිබ්බ මුදල් වල යම් කිසි අඩුවක් වෙලා තියෙනවා. එහෙම නැත්නම් අපිට මේ වගේ අභියෝගය වලට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස මහත්මයයි දිසානායක මහත්තයයි හිතන විදියට ⁣අපේ රට බංකොලොත් වෙන්න ඉඩ තියන්නේ නැහැ. සෘණාත්මකව නෙවෙයි ධනාත්මකව හිතලා අපි නැවත මේ රට ගොඩනඟලා නැවත වාරයක් හරි තැනට රැගෙන එනවා.

➡️ අසූචි නැවකට වන්දි ගෙවන රජයක් තියෙනවා කියනවා

අපි මේ දේවල් දිහා මීට වඩා වගකීමකින් බලන්න ඕනි. අපි ඩොලර් මිලියන හයක් නිසා තරහ කරගන්නවා ද නැත්නම් එය ගෙවලා ගිවිසුම් ගත වෙලා තියන විදිහට ඒ ප්‍රශ්න නීත්‍යානුකූලව විසදගන්නවද කියලා බැලිය යුතුයි. පුළුවන් තරම් රටවල් තරහා කරගන්න එක නෙවෙයි මිත්‍රශීලීව මේ ප්‍රශ්න විසඳන්න අවශ්‍යයි. හරිම ලේසියි අසූචි නැවකට සල්ලි ගෙව්වා කියලා කියන්න. ඊට වඩා ප්‍රබල රටක් තරහා කරගන්න එක අපිට පාඩු සිද්ධ වෙන්න පුළුවන්. ඩොලර් මිලියන 6 නෙවෙයි. මුදල් අවශ්‍ය වෙලාවේදී චීනය කියන්නේ අපිට මුදල් ලබා දීපු රටක්.

➡️ ආර්ථික අපහසුතා තිබියදී ඩොලර් මිලියන හයක් ගෙවීම සාධාරණ ද?

ඩොලර් මිලියන හයක් ගෙවන්න කැබිනට් එක තීන්දු කෙරුවා . ඒක ගෙවිය යුතුයි. නැත්තම් ඊට වඩා පාඩුවක් මේ රටට වෙන්නේ.

➡️ ජනාධිපතිතුමා පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කරනවා....ඒ කෝප් කමිටු කෝපා කමිටු වලින් ආයතන වල දූෂණ වංචා එළිවෙන හින්දද?

ඒක සම්පූර්ණ බොරුවක්. ජනාධිපතිතුමාට දෝෂාභියෝගයක් ගෙනාව නිසා නෙමෙයි පාර්ලිමේන්තුව අවසන් කරලා තියෙන්නේ. ප්‍රේමදාස මහත්තයාගේ තාත්තට දෝෂාභියෝගයක් ගෙනාපු නිසා තමයි 93/ 94දි පාර්ලිමේන්තුව වැහුවේ. අන්තිමට පුටුවල ඌරු තෙල් ගාලා තමයි පාර්ලිමේන්තුව ඇරියේ. විවිධ ජනාධිපතිවරු වාර අවසන් කරලා තියෙනවා.
ජනවාරි 11 පාර්ලිමේන්තුව රැස්වෙන්න තිබ්බෙ දැන් ජනවාරි 18 නැවත දින කීපයකින් නැවත අපි රැස්වෙනවා.

කෝප් එක හොයන්නේ ගිය ආණ්ඩුවෙ තිබුණු දූෂණ තමයි හොයන්නේ. කෝප් එකෙන් දුෂණ හොයන එක නතර කරන්නේ නැහැ. දිගටම අපි හොයනවා.
පසුගිය යහපාලන රජය කළ දූෂණ වංචා ගැන කෝපා, කෝප් කමිටු වලින් අපි හොයන එක නතර කරන්නේ නැහැ.

➡️ මැතිවරණයට බය නැහැයි කියනවා.. අපිට ඒත් ආරංචියක් කියනවා කැබිනට් පත්‍රිකාවක් නිකුත් කරලා තියනවා කියලා ප්‍රාදේශීය සභා පළාත් සභා කල් දාන්න. ?

ඔබතුමා ඔය කියන පත්‍රිකාව මම නම් තවම දැක්කේ නැහැ. එහෙම පත්‍රිකාවක් ආවොත් අපි ඒ ගැන සාකච්චා කරනවා. එහෙම ආවොත් අපි බලමු අමාත්‍යාංශයෙන් ගෙනන කැබිනට් පත්‍රිකාව මොකක්ද කියලා.

➡️ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා යුගදනව් බලාගාර ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන තුරු කිසිවෙකුත් නොදන්නා බවට මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා ...

මම ඒක සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. යුගදනව් ගිවිසුමෙන් කිසිම දුෂණයක් වෙලා නැහැ. මේ ගිවිසුමෙන් අපි ගත්ත කැබිනට් තීරණවලින් මේ රටේ විදුලි බිල සම්පූර්ණයෙන් අඩු වෙනවා. විදුලි ඒකකයක් මිලදී ගන්න මිල අදට වැඩිය සීයට 50% කින් අඩු වෙනවා. ඒක ඉතාමත් හොඳ දෙයක්. මේ රටේ කර්මාන්ත වල ආසියාවේ වැඩිම විදුලි බිල ලංකාවෙ. ඉතිං අඩු වෙනවාට කවුද අකමැති. අනුර දිසානායක මහත්තයා අකමැතියි කියලා මොකද කරන්නෙ. ඇයි අනුර දිසානායක මහත්තයා මේ විදුලි බිල අඩු වෙන එක ගැන කතා නොකරන්නෙ. ඔහු කියන්නේ ගිවිසුමෙන් රට පාවලා දෙනවා. රටේ තියන ඒවා විකුනනවා කියලා. ඒක අමුලික බොරුවක්. මම මේ ගිවිසුමට නිවැරදිව පෙනී සිටිනවා. මේ දේවල් අඩුවිය යුතුයි මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙනවා. මට හිතාගන්න බැහැ පීඩිත පන්තියේ ගැන කතා කරන අනුර දිසානායක මහත්තයා මේ ගිවිසුමට විරුද්ධ වෙන එක ගැන හිතාගන්න බැහැ. විදුලි බිල අඩු වෙනවා නම් ඒකෙ තියෙන දූෂණය කොහෙද තියෙන්නේ. මිල වැඩි වෙනවා නම් තමයි දූෂණයක් තියෙන්න ඕනේ. අනුර දිසානායක මහත්තයා ලැජ්ජ වෙන්න ඕනෙ.

 

- රංජනා සෙව්වන්දි

Last modified on Monday, 20 December 2021 12:53

Leave a comment

waruna ad 1

mahesh

KJ 300 250 

ld add copy

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us