ග්‍රාම සංවර්ධනයේ දැවැන්තම වැඩපිළිවෙල ක්‍රියාත්මකයි

Published in පුවත්
Monday, 27 December 2021 10:18

ලබන වසර සඳහා වන අය වැය යෝජනා ලෙස ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් දැවැන්ත ආයෝජනයක් කිරීමට යෝජනා සම්මත වූ අතර ඒ අනුව ලබන වසරේ ග්‍රාම සංවර්ධනය ඉලක්ක කරමින් රුපියල් කෝටි 8,500ක් (මිලියන 85,000ක්) වැය කිරීමට රජය සැලසුම් කර තිබේ.

මෙම යෝජනා අනුව සෑම අමාත්‍යවරයකුටම රුපියල් මිලියන 100ක් බැගින් හා විමධ්‍යගත අරමුදල් යටතේ තවත් මිලියන 15ක් වශයෙන් රුපියල් මිලියන 115ක මුදලක් ලැබීමට නියමිතය.

මේ වෙන් කරන මුදල් ශතයක් හෝ අනවශ්‍ය ව්‍යාපෘති සඳහා වැය නොකරන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දුන් බව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.

මෙම මුදල් මහජනතාවට රැකියා අවස්ථා සපයන එමෙන්ම රටට ආදායම් ලැබෙන ව්‍යාපෘති සඳහා යොදවන ලෙස මුදල් ඇමැතිවරයා උපදෙස් ලබා දුන් බවද ඇමැතිවරයා කීවේය.

කෙසේ නමුත් මෙම ග්‍රමීය සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කිරීමදී නිසි අධ්‍යනයකින් යුතුව ජාතික ආර්ථික අවශ්‍යතා මුදුන් පත් වන ලෙස මේ සියල්ල සමස්තයක් ලෙස සලකා ක්‍රියාත්මක කළ යුතුව තිබේ. එසේ නොවුණහොත් මේ වෙනුවෙන් වැය කරන මේ සුවිශාල මුදල නිකම් අපතේ යෑමක් සිදු වෙනු ඇත. මේ සඳහා රජයේ වැඩ පිළිවෙල කුමක්ද යන්න ගැන තවමත් පැහැදිලි කිරීමක් දකින්නට නොමැති නමුත් ඒ සඳහා වන වුවමණාව මහින්ද අමරවීර මහතාගෙන් ප්‍රකාශයෙන් පැහැදිලිය.

විශේෂයෙන්ම මේ වන විට ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබෙන ජනාධිපතිවරයාගේ සංකල්පයක් වන ගම සමඟ පිළිසඳර, ග්‍රාමීය වැව් හා ඇල මාර්ග 5000ක් ප්‍රතිසංස්කරණය කිරීමේ වාරි සෞභාග්‍යා මධ්‍යකාලීන ආයෝජන සැළැස්ම., ගම්බිම් යාකරන හදවතේ පාලම් යන තේමාව යටතේ දිවයින පුරා ක්‍රියාත්මක කර ඇති ග්‍රාමීය පාලම් 5000ක් ඉදිකිරීමේ වැඩසටහන, ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයක් පිළිසකර කිරීමේ වැඩ සටහන, ග්‍රාමීය නිවාස ලක්ෂ 2 ක් ඉදිකිරීමේ වැඩ සටහන, වතු නිවාස හා කුළී නිවාස 40 දහසක් ඉදිකිරීමේ වැඩ සටහන, ග්‍රාමීය ව්‍යවසයකයන් බිහි කිරීමේ වැඩ සටහන ග්‍රාමීය කෘෂිකර්මාන්තය ගොඩනැංවීමේ වැඩ සටහන් ආදි සියල්ල එකට එකක් යා වුණ එකම වැඩ සටහන කොටස් ලෙස ක්‍රියාත්මක විය යුතුව ඇත.

මෙය දැවැන්ත ක්‍රියාවලියකි. ශ්‍රී ලංකාවේ දළ දේශීය නිශ්පාදනයට පළාත් වශයෙන් දක්වන දායකත්වය අනුව තවමත් ඉන් අඩක් පමණ ආවරණය කරන්නේ බස්නාහිර පළාතයි. නාගරිකව අදාල දේශීය නිශ්පාදනයට දක්වන දායකත්වයට ආසන්න ප්‍රමාණයකින් ගමට දායක විය හැකි නම් මේ රටේ ආර්ථිකය ගොඩ නංවා ගැනීම කිසිසේත්ම අපහසු ඉලක්කයක් නොවේ. මේ අනුව රජයේ ඉලක්කය වී තිබෙන්නේ ග්‍රාමීය සංවර්ධනය ගොඩනැවීම හරහා ජාතික ආර්ථිකය විශාල පිම්මකින් ඉදිරියට ගැනීම බව පැහැදිලිය. විශේෂයෙන්ම විදේශ විනිමය උපයන අපනයන ආදායම් මාර්ග ග්‍රාමියව ගොඩනංවා ගැනීමද රජයේ ඉලක්කයක් වී තිබේ.

පසුගිය වසර දෙකම පාහේ කොවිඩ් 19 තත්වය නිසා වූ පසුබෑම මෙම රජයේ වැඩ පිළිවෙල නිසියාකාරව ක්‍රියාත්මක කිරීමට බාධා පැමිණ වීය. අද රට මුහුණ දෙන යම් ආර්ථික අපහසුතාවයක් වේ නම් ඊට බලපෑවේ මේ කොවිඩ් තත්වයය. මේ වන විට එන්නත්කරණය ලෝකයෙන්ම වඩාත්ම ප්‍රශස්ථ මට්ටමක තිබෙන රටවල් කිහිපය අතර ශ්‍රී ලංකාවද ඉදිරියෙම තිබෙන තැනට පත්කර ගැනීමට රජයට හැකි වීම මත ඉදිරි වසර කිහිපය තුළ රජය බලාපොරොත්තු වූ සංවර්ධන ඉලක්කයන් සපුරා ගැනීමට හැකි වනු ඇත. මේ වන විට තිබෙන තාවකාලික පසු බැස්ම මහා අර්බුදයක් බවත්, ආණ්ඩුව අසමත් බවත් , පාලකයන් අසමත් බවත් කියමින් විපක්ෂ කොටස් නගන චෝදනාව ඉදිරි වසරක පමණ කාලයක් තුළදී නිකම්ම පුස්සක් වෙනු ඇති බවත් පැහැදිලිය.

විපක්ෂ කොටස් මේ වැඩ පිළිවෙලවල් කඩාකප්පල් කිරීමට ඔවුන්ට කළ හැකි සැම දේමත් කරනු ඇත. ඒ බලය ලබා ගැනීමට දක්වන පෙරේත කම විනා වෙන යමක් නොවේ. එහෙත් මේ රටේ පුරවැසියා මේ තත්වයන් නියමාකාරයෙන් තේරුම් ගෙන රජය, රට ගොඩනැංවීම වෙනුවෙන් කරගෙන යන වැඩ පිළිවෙල පිළිගෙන ඊට අවශ්‍ය සහයෝගය දිය යුතුව තිබේ. එසේ නොවී විපක්ෂය ගොඩ නගන මිත්‍යාවන්ට අසු වුවහොත් විනාශ වන්නේ ආණ්ඩුව නොව රටය. අපේ දරුවන්ගේ අනාගතයය. ඒ වටහාගත යුතුය.

 

-the novemberist

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us