දශක කිහිපයක් පැරණි එම දෙපාර්තමේන්තු ඉතිහාසය තුළ රාජ්‍ය නායකයෙකුගේ පැමිණීම සිදු වූ ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.
“ගොවිජන සමාජයේ සියලු කෘෂිකාර්මික ඉඩම්වල තිරසර සංවර්ධනය” දැක්ම කරගත් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ මෙහෙවර වනුයේ “කෘෂිකාර්මික ඉඩම්වලින් ප්‍රශස්ත ඵලදායීතාව ලබාගත හැකි වන පරිදි ආයතනික, සහායක, නෛතික සහ කළමනාකරණ සේවාවක් සැකසීම හා කාලානුරූපව පවත්වාගෙන යාම”යි. එම අරමුණු නිසි අයුරින් සිදු වන්නේ ද යන්න සොයා බැලීම ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයේ අපේක්ෂාව විය.
ගොවිජන සමාලෝචන මණ්ඩලය, ගොවිජන බැංකු, පාලන, ගිණුම්, සංවර්ධන, නීති, ආයතනික සංවර්ධන (සේවා), ඵලදායී අලෙවි සහ ඉංජිනේරු ජල කළමනාකරණ යන සියලු අංශ අධීක්ෂණයට ලක් කළ ජනාධිපතිතුමා පැය තුනකට ආසන්න කාලයක් නිලධාරීන් සහ සේවකයන් සමග සාකච්ඡා කරමින් කෘෂිකර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග සොයා බැලීය.
මෙවර මහ කන්නයේ දී කාබනික පොහොර බෙදාහැරීම, භාවිතය සහ ලැබෙන අස්වැන්න පිළිබඳ විමර්ශනය කර, අඩුපාඩු මගහරවා ගනිමින් යළ කන්නයට සූදානම් විය යුතු බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
කාබනික පොහොර නිෂ්පාදනය සඳහා රාජ්‍ය සහ පෞද්ගලික ආයතන 34කට අවස්ථාව දී තිබිණ. ඒ ඒ ආයතනවල කාබනික පොහොර මගින් ලද අස්වැන්න සහ සාර්ථකත්වය පිළිබඳ සොයා බැලිම , ඉහළ ප්‍රගතියක් ලබා ඇති ආයතන දිරිගන්වා එම ආයතනවල නිෂ්පාදන වැඩි කිරීම මෙන්ම ඉදිරි කන්නවලදී ගොවීන් දැනුවත් කිරීම සඳහා කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන්ට තාක්ෂණික දැනුම ලබාදීමේ අවශ්‍යතාව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.
වී ගොවිතැන සඳහා යොදාගත නොහැකි ඉඩම් වෙනත් භෝග සඳහා යොදා ගත යුතු බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ආරම්භ වන්නේ 1957 ඔක්තොම්බර් මස 01 වන දින ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ලෙසය. මෙහි ආයතනික සංවර්ධන අංශය (සේවා) දෙපාර්තමේන්තුව තුළ විශාල කාර්ය භාරයක් ඉටුකරන දෙපාර්තමේන්තුවේ හදවත බඳු අංශය වේ. ගොවි සංවිධාන 15961 ට ආසන්න ප්‍රමාණයක හා විශේෂයෙන් ගොවිජනසේවා මධ්‍යස්ථාන 562 ක හා දිස්ත්‍රික් කාර්යාල 25ක පහත කාර්යයන් මෙම අංශය මගින් ඉටුකරයි.
රාජ්‍ය කෘෂිකර්ම ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමේ දී විශාල කාර්ය භාරයක් ඉටුකරන ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව එහි ආයතනික සංවර්ධන අංශය මඟින් ගොවිජන සංවර්ධන දිස්ත්‍රික් කාර්යාල හරහා ගොවිජන සේවා මධ්‍යස්ථාන මෙහෙයවීම සිදු කරනු ලබයි. ඒ අනුව රජයත් දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර මට්ටමේ ක්‍රියාත්මක ආයතනත් අතර මනා සම්බන්ධීකරණයක් මෙම අංශය මගින් සිදු වේ. 2011 අංක 46 දරන ගොවිජන සංවර්ධන (සංශෝධන) පනතින් සංශෝධිත 2000 අංක 46 දරන ගොවිජන සංවර්ධන පනත ක්‍රියාත්මක කිරීම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යය වන අතර එහි වගන්ති වැඩි ප්‍රමාණයක් සම්බන්ධව අධික්ෂණය හා නියාමනය ද විශේෂ කෘෂිකාර්මික වැඩසටහන් ක්‍රියාත්මක කරවීමද, ඒ සම්බන්ධ සියලු තොරතුරු අමාත්‍යාංශ මට්ටම සහ බිම් මට්ටම දක්වා ප්‍රේෂණය කිරිමද, මෙමගින් සිදු වේ.
ඒ අනුව මෙම දෙපාර්තමේන්තුව මගින් සුවිශාලා සේවාවක් රටට සපයන ආයතනයක් ලෙස සැලකිය හැකිය..එහෙත් එවන් රාජ්‍ය ආයතන කෙරෙහි කිසිදු විටෙකත් මෙතෙක් පැවතුනු ආණ්ඩුවල අවධානය යොමු නොවීම බරපතල තත්වයකි. මන්ද එම දෙපාර්තමේන්තු පිළිබදව සොයා බලා එහි සේවාවන් කාර්යක්ෂම සේවාවන් බවට පත් කිරීම පාලන ආණ්ඩු වල වගකීම වන්නේය..එහෙත් වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉතිහාසයේ ප්‍රථම වරට එම දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීම රට වැසියාගේ අවධානයට පාත්‍ර විය. එම දෙපාර්තමේන්තුව මගින් ඉටු විය යුතු කාර්ය භාර්ය ,ඉදිරි කටයුතු පිළිබද සැලස්මන් පිළිබදව තොරතුරු බෙදා හදා ගැනීමට ජනපතිවරයා අමතක නොකරේය..රටක නායකයෙක් යනු එම රටට වගවිය යුතු පුද්ගලයාය...එම වගවීමේදී සෑම අංශයක් කෙරෙහිම අවධානය යොමු විය යුතුය..මහජන ජන්දයෙන් තේරී පත්වන නායකයන් රජ පුටුව මත හිද රට සැදීමට යාමේ විපාක අප දශක ගණනාවක් තිස්සේ අත්දැකපු පුරවැසියන්ය..එහෙත් එම යුගය නිමා කරමින් මහපොලව මත පය තබා රටේ ප්‍රශ්න විසදීමට වත්මන් ජනපතිවරයා සිදුකරන ලබන කාර්යභාර්ය අති මහත්ය..රටට හිතකරය...
-පංචාලි