ඒ අනුව දිස්ත්‍රික්ක 12 ක් ආවරණය වන පරිදි ගොවි ජනතාව හා ඒකාබද්ධව, ගෙවතු වගා පන්දහසක් සකස් කිරීමට සැළසුම් කර ඇති අතර, ඊට හදබිම අධිකාරියේ ක්‍ෂේත්‍ර කාර්ය මණ්ඩල මගින් තාක්ෂණික දැනුම ලබාදීමට නියමිතයි.
මේ වනවිට මෙරටින් තුරන්ව යන හේන් ගොවිතැන, කොරටු වගාව, වැට වගාව සහ නියර මත වගා කිරීම ආදී සාම්ප්‍රදායික වගා ක්‍රමවලට ගොවීන් නැඹුරු කිරීමේ වැඩපිළිවෙලක් ද ඇරඹීමට ඒ අනුව තීරණය කර තිබෙනවා.
ඵලදායි ඉඩම් කළමණාකරණය, විධිමත් ජල සංරක්ෂණයක් හා උසස් මානව සම්පත් උපයෝජනයක් තුලින් පාරිසරික සම්පත් සංරක්ෂණය හා කෘෂි ආර්ථිකය සව්බල ගැන්වීම සඳහා අවශ්‍ය දායකත්වය සැපයීම වෙනුවෙන් හදබිම අධිකාරිය පිහිටුවා තිබෙනවා.
මෙහිදී අධිකාරියේ පරමාර්ථ ලෙස
*ස්වභාවික සම්පත් කළමණාකරණය හා පරිසර ක‍්‍රියාකාරි කෘෂි සංස්කෘතියක් සඳහා දායක වීම
*කෘෂිකාර්මික බෝග විවිධාංගිකරණය හා මිශ‍්‍ර වගා රටාවක් හඳුන්වා දීම.
*ඉඩම් උපරිම ඵලධායිතාවයෙන් පවත්වාගන යාම හා වගා අස්වනු වැඩි කිරිම සඳහා මැදහත්වීම
*කෘෂි නිෂ්පාදන ඉහල නැන්වීම දේශීය ආහාරට ගැලපෙන සෞඛ්‍ය සම්පන්න ආහාර නිෂ්පාදන ප‍්‍රචලික කිරිම හා දිරි ගැන්වීම.
*ගොවි ප‍්‍රජාව සවිබල ගැන්වීම ස්වං රැකියා උත්පාදනය හා අලෙවි පහසුකම් වැඩි දියුණු කිරිම.
*ආර්ථික ඒකක සංවර්ධනය වාණිජ්‍ය හා කෘෂිකාර්මික සංවර්ධනයක් කරා ගොවි ප‍්‍රජාවට මඟපෙන්වීම. යනාදිය සඳහන් .
මේ අනුව මෙරට ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් වැදගත් ආයතනයක් වන හදබිම අධිකාරිය ක්‍රියාත්මන කිරීමට සැලසුම් කර තිබෙන නව වැඩසටහන් සාර්ථකව සිදුකරනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය.
මෙරට කෘෂි බෝග වගාව හැකි සෑම ක්‍රමවේදයකටම හැකි සෑම තැනක සිදුකිරීම වත්මන් අර්බුදය සමඟ පැන නැගී ඇති ආහාර හිඟය වැලැක්වීම සඳහා රටට ඇති සාර්ථකම විකල්ප විසඳුමය. මේ රටේ පපුරා පවතින සශ්‍රීක පොළව සහ දේශගුණික තත්වය මත ඔනෑම වගාවක් සිදුකර සාර්ථක කර ගැනීමේ හැකියාාව ඉහළය. ඒ අවස්ථාව නිවැරදිව කළමණාකරනය කර ගැනීමට හැකි යාන්ත්‍රණයක්
සකස් වන්නේ නම් ආහාර සම්බන්ධයෙන් අර්බුදයක් මතු නෙවනු ඇත.
- මහේෂි