කුඩා ප්‍රමාණයේ බටයකින් කාලාන්තරයක් පැවැති ජල කාන්දුවකට ප්‍රතිකර්ම නොකිරීම හේතුවෙන් මෙම ජල කාන්දුව ගොඩ නැගිල්ලේ මහල් කිහිපයක්ම ජලයෙන් යට කිරීමට සමත් විය.
රාජ්‍ය පාරිපාලන ලේකම්වරයාගේ නව කාර්යාලය 2 වන මහල වෙත නොබෝදා උත්සවාකාරයෙන් විවෘත වු අතර මෙම ජල කාන්දුව නිසා එහි අතුරා ඇති වටිනා බිම් පලස් මුළුමනින්ම විනාශ වී ඇති බව ද වාර්තාවේ.
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා ප්‍රධාන කැබිනට් ඇමතිධුරය උසුලන රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය මෙසේ නිසි කළමණාකාරීත්වයක් නොමැති වීම විසින් මහජන දේපල විනාශ වීම හා අමාත්‍යංශයක කටයුතු දින කිහිපයක් ඇණ හිටීම රජය විසින් දැරිය යුතු පාඩුවකි.