පාර්ලිමේන්තුවේදී අදාළ ප්‍රකාශය සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවති අතර එහිදී මේ පිළිබඳව සාකච්ඡා වී ඇත.
වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව සහ ජාත්‍යන්තර සහයෝගය පිළිබඳ ජනාධිපතිවරයා විසින් බ්‍රහස්පතින්දා දිනයේ පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් සිදුකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සඳහන් කළේය. අවශ්‍ය නම් ඒ සඳහා විවාදයක් දෙන්නත් සූදානම් බවත් සඳහන් කරයි.
මේ වන විට මෙරට ආර්ථිකය නංවාලීම සඳහා ජාත්‍යන්තර සහයෝගිතාව ප්‍රකාශයට පත්ව ඇත.