පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය මේ පිළිබඳව විගණකාධිපතිවරයා වෙත ලබා දුන් නියෝගයට අනුව මෙම විමර්ශණ්‍ය ආරම්භ වන බවත් ඒ සඳහා නියෝජ්‍ය විගණකාධිපතිවරයකු ප්‍රමුඛ නිලධාරීන් කණ්ඩායමක් යොමු කර ඇති බවත් විගණකාධිපති ඩබ්ලිව් .පී.සී වික්‍රමරත්න මහතා මාධ්‍යයට ප්‍රකාශ කර ඇත.
මේ අනුව හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව රුපියලේ අගය දීර්ඝ කාලයක් රුපියල් 203ක පවත්වාගෙන යාමට අදාල ව ගත් තීන්දු තීරණ සහ එයින් සිදවූ බලපෑම පිළිබඳවත් ජාක්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ණය මුදලක් ලබා ගැනීමට යාමේ තීන්දුව ප්‍රමාද කිරීමටත් හේතු වූ කරුණු සම්බන්ධයෙන්එයින් ඇතිවූ බලපෑම පිළිබඳවත් පූර්ණ විගණනයක් සිදු කිරීමට නියමිතය. එමෙන්ම මෙම වසරේ ජනවාරි මාසයේදී රටේ විදේශ විනිමය අර්බුදයක් දරුනුව පවතිද්දී ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක බැදුම්කරයට අදාළ මුදල් ගෙවීම පිළිබඳව ගත් තීරණය සහ එහි ප්‍රතිලාභීන් පිළිබඳවද විගණනය කරන ලෙසට ශ්‍රෙෂ්ඨාධිකරණය නියෝග කර ඇත.
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් ශ්‍රි ලංකාව ඉතිහාසයේ පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයට වගකිව යුත්තන් ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, අලි සබ්රි හිටපු මහ බැකු අධිපතිවරන් ඇතුළු නිලධාරීන් වගකිවයුත්තන් කරමින් ගොනු කළ නඩුව ඉදිරියට පවත්වාගන යාමට ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කළ අතර ඒ අනුව අධිකරණය විගණකාධිතිවරයාට නියෝග කළේ ඉහත අංශ පිළිබඳව විගණනයක් කර ඒ පිළිබඳව අදිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසය.