මෙහිදී හේතු වශයෙන් දක්වා ඇත්තේ රග්බි සම්මේලනයේ වෙනත් ගැටළුවක් සම්බන්ධයෙන් ආසියානු රග්බි සම්මේලනය විසින් පරීක්ෂණයක් පැවැත්වීම නිසා ඔහුව තනතුරෙන් ඉවත් කිරීමක් ගැනය. නමුත් එම හේතුව නිසා නම් ක්‍රීඩා ඇමැතිවරයා ක්‍රියාත්මක වූයේ, රග්බි සම්මේලනයේ අනෙක් නිලධාරීන්ටත් තහංචි දැමිය යුතුය. එහෙත් සභාපතිවරයා පමණක් ඉලක්ක කර ඔහුව ධුරයෙන් ඉවත් කිරීම මුළුමනින්ම රග්බි ක්‍රීඩාවට අරක් ගෙන සිටින් පවුල් මාෆියාවේ වුමණාව ඉටු කිරීමක් බව පැහැදිලිය. එමෙන්ම මෙය ක්‍රීඩාවට කළ අයුතු දේශපාලනික බලපෑමකි. ක්‍රීඩා අමත්‍යංශ මට්ටමින් හෝ මෙම ගැටළුව විසඳා ගැනීමට කටයුතු නොකර කෙලින්ම ආසියානු රග්බි සම්මේලනයට මෙම පැමිණිල්ල ගොනු කිරීමද මේ මාෆියාවේ කටයුත්තක් බව අණාවරණය වී තිබේ.
මීට පෙර අප පල කළ පුවතකින් පෙන්වා දුන්නේ මෙම ලීග් තරගාවලිය කඩාකප්පල් කිරීම සඳහා විනිසුරුවරුන්ගේ සංගමය යොදාගෙන රග්බි පවුල් මාෆියාව කටයුතු කළ තුච්ඡ ආකාරය ගැනය. නමුත් එම ගැටළුව ඉතා හොඳින් විසඳාගෙන විනිසුරුවරුන් තරගාවලියට සම්බන්ධ කරගැනීමට සභාපතිවරයා ඇතුළු වත්මන් නිලධාරීන් සමත්ව තිබිණි.
එම ගැටළුව විසඳා දින දෙකක් ගත වන්නටත් පෙර ක්‍රීඩා ඇමැතිවරයා මෙම පියවර ගත්තේ රග්බි පවුල් මාෆියාව නැමැති චෞර වලල්ලේ බලපෑමට බව සැකයක් නැත. හිටපු සභාපතිවරුන් වන අසංග සෙනෙවිරත්න. ලසන්ත ගුණරත්න සහ රගර් ක්‍රීඩාවෙන්ම හම්බ කරගෙන කන , රගර් ක්‍රීඩා භාණඩ වෙලදාමේ යෙදෙන ,හිටපු තරඟ තීරකයකු ප්‍රමුඛ කණ්ඩායම මේ පවුල් මාෆියාවේ මුල්පෙළේ ක්‍රියාකාරින් වන අතර වත්මන් සභාපති සහ නිලධාරී මණ්ඩලය රගර් ක්‍රීඩාව මේ පවුල් මාෆියාවෙන් මුදවාගෙන එය දියුණු කිරීමට 2020 වසරේ සිට ගත් උත්සාහයයන් නිරන්තරයෙන්ම කඩාකප්පල් කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව රගර් ක්ෂේත්‍රයට රහසක් නොවේ.
රගර් යනු එක පවුලක බූදලයක් නොවිය යුත්තකි. එහෙත් එය එසේ සිදුව තිබිණි. ඒ වෙනුවෙන් ඝාතන, පහර දීම්, තර්ජනය කිරීම්, අල්ලස් දීම් ආදී අපරාධ රැසක් පසුගිය සමයේ සිදුව තිබිණි. ඇමැති රොෂාන් රණසිංහ අද බිය වී සිටින්නේ මේ අපරාධකාරී මාෆියාවටය. කොහොම නමුත් මෙය බිය වීමක්ද නැතිනම් හිතෛශීවීමක්ද කියන සැකයද තිබේ. මන්ද රොෂාන් රණසිංහලාගෙ තක්කඩි දේශපාලනය තුළ මේවා විය හැකි බැවිනි.
අනෙක් වැදගත්ම කාරණය, ක්‍රීඩා ඇමැතිවරයා ලෙස රොෂාන් රණසිංහ පත් වූවද ක්‍රීඩාවේ සංවර්ධනය වෙනුවෙන් රොෂාන් මෙතෙක් කළ අල බෝලයක් නැතිවීමය. කළේම බොරු සංදර්ශනයන්ය. එය වෙනම ගෙන කතා කළ යුතුය. ක්‍රීඩාව නොදන්නා හිපාටුවෙකුට ක්‍රීඩාව සංවර්ධනය කරන්න බාර දුන් විට සිදුවියහැකි දේ අද සිදුව තිබේ.