හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේනගේ ප්රධානත්වයෙන් මෙම සංවත්සරය පැවැත්වෙනු ඇති අතර පක්ෂයේ ආසන සංවිධායකවරු, පළාත් සභා ප්රාදේශීය සභා හිටපු මන්ත්රීවරු ඇතුළු ක්රියාකාරී රැසක් සහභාගී වීමට නියමිතය.
ශ්රි ලංකා නිදහස් පක්ෂයේ 72 වන සමුළුව මීට පෙර සැත්තැම්බර් 02 දින කුරුණෑගල හෙට්ටිපොල නගරයේදී පැවැත්වීමට නියමිතව තිබු නමුත් රටේ පවතින අයහපත් ආර්ථික තත්ත්වය මෙන්ම පක්ෂයේ සියලූ දෙනාට පහසුවන පරිදි මොනාච් ඉම්පීරියල් හෝටලයේදී පැවැත්වීමට තීරණය කර ඇත.