වාණිජ වාහන 67ක සහ එච්එස් කේත 299කට අයත් භාණ්ඩවලට පනවා ඇති ආනයන සීමා ලබන සතියේ ලිහිල් කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
අද (04) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඒ මහතා පවසා සිටියේ, පෞද්ගලික වාහනවලට අදාළ එච්.එස් කේත 304ක ආනයන සීමා ලිහිල් කිරීමට රජය තවමත් තීරණය කර නොමැති බවය.
පැවති විදේශ විනිමය හිඟතාවය සහ අත්‍යාවශ සේවාවන් ජනතාවට සැපයීමට අවශ්‍ය නිසා මේ රටට සිදුකරන ආනයනය සමහර දේවල් තාවකාලිකව සහ ස්ථිර ලෙස තහනමකට ලක්කිරීම සිදු විය.
ඒහි ප්‍රතිපලයක් ලෙස විශේෂයෙන්ම රේගු දෙපාර්තමේන්තුවට බලපෑමක් ඇති වුණා වගේම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ඇතුළු කුඩා ව්‍යාපාරිකයින් ඔවුන්ගේ ව්‍යාපාර කරගෙන යෑමට බලපෑමක් ඇති වීම නිසා ආර්ථික ක්‍රියාකරකම්වලට හානි ඇති විය. එම අර්බුධයන් මුල් කොට ගෙන රජය විසින් එළඹෙන සතියේ ආනයන සීමා ලිහිල් කිරීමට කටයුතු සැලසුම් කරගෙන තිබේ.