එම ජනතාව ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවේ උඩරටට පැමිණ වසර 200ක් පිරීම නිමිත්තෙන් නව ප්‍රජාවගේ ලාංඡනයක් එළිදැක්වීම සඳහා ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ අද (05) පැවැති උත්සවයේදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
දශක ගණනාවකට පෙර වතු කම්කරුවන්ගේ අයිතීන් සුරැකීමට වෘත්තීය සමිතියක් පිහිටුවීමට උත්සාහ කළ විට වාමාංශික නායකයින් වන ආචාර්ය එන්. එම්. පෙරේරා, පිලිප් ගුණවර්ධන, කොල්වින් ආර්. ද සිල්වා සහ එඩ්මන්ඩ් සමරක්කොඩි යන වාමාංශීක නායකයින්ව යුරෝපීය වතු හිමියන් විසින් එළවා දැමූ බවත් ඉන් නොසැලුනු ඔවුන් වතු කම්කරුවන්ගේ අයිතීන් වෙනුවෙන් අවශ්‍ය අරමුණු කරා ගිය බවත් අග්‍රාමාත්‍යවරයා සිහිපත් කළා.