ගුවන් ක්ෂේත්‍රයේ සේවා සැපයීමෙන් බිලියන 22 ක ලාභයක් !

Published in පුවත්
Tuesday, 10 October 2023 19:25

මෙරට ගුවන් ක්ෂේත්‍රයේ සේවා සැපයීමෙන් 2023 වසරේ ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා රුපියල් බිලියන 22 ක ලාභයක් උපයා ඇති බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළේය.

ඉන් රුපියල් බිලියන 10ක පමණ ප්‍රමාණයක් මේ වන විට මහා භාණ්ඩාගාරයට ලබා දී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම අදහස් පළ කළේ, “ස්ථාවර රටකට- සැවොම එක මගකට” මැයෙන් අද (09) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි .

පලාලි අන්තර්ජාතික ගුවන්තොටුපලේ මෙහෙයුම් කටයුතු ඉතා සාර්ථක ලෙස ඉදිරියට කරගෙන යමින් තිබෙන බවද සඳහන් කළ අමාත්‍යවරයා එය මේ වන විට ගුවන් ගමන් වාර 200 සම්පූර්ණ කර තිබෙන බවද පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය,

'පසුගිය කාලය තුළ පැවැති විවිධ අර්බුද හමුවේ ගුවන් සේවා කටයුතු පවත්වාගෙන යාම විශාල අපහසුතාවයකට පත්ව තිබුණා. කොවිඩ් වසංගතය නිසා ගුවන් ගමන් වාර නවතා දමා තිබුණා . ඒ වගේම සංචාරකයින්ගේ පැමිණීම තිබුණේ ද ඉතා පහල මට්ටමකයි. ඩොලර් අර්බුදය හේතුවෙන් සමස්ත ගුවන් ක්ෂේත්‍රයම විශාල අර්බුදයකට මුහුණ දුන්නා. උදාහරණයක් ලෙස එම වකවානුවේ ගුවන් යානා සඳහා ඉන්ධන ලබා ගැනීම පවා ඉතා අසීරු වුණා. ඒ කාලයේ ගුවන් යානා සඳහා ඉන්ධන ලබා ගත්තේ එක් ගුවන් යානයක් මදුරාසියට යවා එමඟින් තවත් ගුවන් යානයකට අවශ්‍ය ඉන්ධන ගෙන ඒම හරහායි. නමුත් ඛනිජ තෙල් අමාත්‍යවරයාගේ සහ මාගේ මැදිහත්වීම මත ගුවන්යානා සඳහා ඉන්ධන ආනයනය පෞද්ගලික අංශය ට ලබාදීම ‍ තුළින් හිඟයකින් තොරව ගුවන් යානා සඳහා ඉන්ධන ලබාගැනීමට හැකි පරිසරයක් නිර්මාණය වුණා . ඒ වගේම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල නවීන තාක්ෂණය යොදා ගෙන සංවර්ධනය කිරීම නිසා අන්තර් ජාතික ගුවන් සේවා අධිකාරිය විසින් එය අග්නිදිග ආසියාවේ ප්‍රධානම ගුවන් තොටුපළක් බවට නම් කරීමට කටයුතු කර තිබෙනවා. ඒ සමඟම ශ්‍රී ලංකාවට පැමිණෙමින් තිබු විවිධ ගුවන් සමාගම්වලට අයත් ගුවන් යානාවල වාර ගණන වැඩි කිරීමට ඔවුන් කටයුතු කළා.

ඒ අනුව එමිරේට්ස් ගුවන්යානා සතියකට ගුවන් ගමන් වාර 28ක්, චයිනා ඊස්ටන් එයාර් සතියකට ගුවන් ගමන් වාර 05ක්, එතිහාර්ඩ් ගුවන් වාර 06ක්, කටාර් එයාර් ගුවන් වාර 35ක්, එයාර් අර්බියා ගුවන් වාර 11ක්, එයාර් ඉන්ඩියා 17ක්, ජසීරා එයාර් 04ක් ලෙස ගුවන් මෙහෙයුම් කටයුතු සිදු කරමින් තිබෙනවා. ඒ වගේම තවත් ගුවන් සමාගම් කිහිපයක් සිය මෙහෙයුම්වාර ශ්‍රී ලංකාව හරහා ආරම්භ කිරීමට එකඟතාව පළකර තිබෙනවා.

ඒ වගේම පලාලි අන්තර්ජාතික ගුවන්තොටුපලේ මෙහෙයුම් කටයුතු ඉතා සාර්ථක ලෙස ඉදිරියට කරගෙන යමින් තිබෙනවා. සතියකට තුන් වතාවක් පමණක් මදුරාසිය සහ පලාලි අතර පැවති ගුවන් මෙහෙයුම් වෙනවිට ගුවන් වාර 200 සම්පූර්ණ කර තිබෙනවා.'' යනුවෙනි.

 

Leave a comment

KJ 300 250 

ld add copy

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us