ඒ වෙනුවෙන් අතිපූජ්‍ය දොඩම්පහළ රාහුල ස්වාමීන් වහන්සේ විසින් පවත් වන ලද ධර්ම දේශනාමය පිංකම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැත්වීය.
එම අවස්ථාවට මැති ඇමතිවරුන් සහ ශ්‍රීලනිප පාක්ෂිකයන් පිරිසක් ද සහභාගී විය.
එම ධර්ම දේශනයෙන් අනතුරුව මහා සංඝරත්නය වෙනුවෙන් සාංඝික ධානමය පිංකමක්ද පැවැත්වීය. මෙම පිංකම සංවිධානය කර තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා පෙරමුණ විසිනි.