පක්ෂයේ නායක ජනාධිපති රනිල් වික්රමසිංහ ගේ මූලිකත්වයෙන් මෙම රැස්වීම පවත්වා ඇත. ඉදිරියට පැවැත්වීමට නියමිත පක්ෂ සම්මේලන සම්බන්ධයෙන්ද සාකච්ඡා කර ඇති බවත් එය පැවැත්වෙන ආකාරය සම්බන්ධවත් එජාප මහ ලේකම්වරයා සහ සභාපතිවරයා ඇතුළු නියෝජිතයින් දැනුවත් කර ඇත. මේ අතර සම්මේලන දිනයේ ක්රියාත්මක වැඩසටහනට පක්ෂ සාමාජිකයින්ගේ කිසිදු විරෝධතාවක් එල්ල වී නොමැති බවත් වාර්තාවේ.
මේ අතර පක්ෂ සම්මේලනය සම්බන්ධයෙන් පෙරහුරු වැඩසටහනක් අද (16) දිනයේ දී පැවැත්වීමට ද එක්සත් ජාතික පක්ෂ කළමණාකරන කමිටුවේ දී සාකච්ඡා වී ඇති බව සඳහන්ය.