ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ ධනුෂ්ක ගුණතිලකට එරෙහිව එල්ලවී තිබූ චෝදනා සම්බන්ධයෙන් සොයාබැලීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පත්කර තිබූ 'ස්වාධීන පරීක්ෂණ කමිටුවේ' නිර්දේශ අනුව එම තීරණය ගත් බවය.
ස්ත්‍රී දුෂණ චෝදනාවක් යටතේ ඔස්ට්‍රේලියාවේ දී අත්අඩංගුවට පත් වීමෙන් පසුව ධනුෂ්කට 2022 නොවැම්බර් මස මෙම ක්‍රිකට් තහනම පැනවීය. එහෙත් ඔහුව පසුව ඔස්ට්‍රේලියාවේදී පැවති නඩු විභාගයකින් අනතුරුව එම නඩුවෙන් නිදොස් කොට නිදහස් කරන ලදී.