චීනයේ සිව්දින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ බීජිං නුවර පිහිටි හුවාවි (Huawei) සමාගමේ පර්යේෂණ සහ සංවර්ධන කේන්ද්‍රස්ථානයේ නිරික්ෂණ චාරිකාවකට එක් වූ අතර එහිදී මෙම ගිවිසුමට අත්සන් තැබූ බවයි සදහන් වන්නේ.
එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ ඩිජිටල් අධ්‍යාපන ක්‍රමවේදය සහ හරිත බලශක්ති නිෂ්පාදනය සම්බන්ධයෙන් චීන රජයේ මෙන්ම හුවාවි සමාගමේ සහාය ද ශ්‍රී ලංකාවට ඉතා වැදගත් බවයි.
තවද අනාගත ලෝකයට ශක්තිමත්ව මුහුණදීම සඳහා ශ්‍රී ලංකාවේ ඉතා තරගකාරී ඩිජිටල් සහ හරිත ආර්ථිකයක් නිර්මාණය කළයුතු බවත්, ඒ සඳහා මූලික පදනම දැන් සැකසෙමින් පවතින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහිදී අවධාරණය කර ඇති බව වාර්තා වේ.
-P.M