ඒ අනුව ආනයනික ටින් මාළු රුපියල් 35කින් අඩු කර ඇති අතර දේශීය මාළු ටින් එකක මිල රුපියල් 5කින් පහත දමා තිබේ. මුං ඇට කිලෝවක මිල රුපියල් 20කින් සහ කොත්තමල්ලි කිලෝවක මිල රුපියල් 10කින් මිළ අඩු කර තිබෙනවා.
දිවයින පුරා ඇති සියලු සතොස ජාලාවලින් මෙම මිල සහනය ලබාගත හැකි බවත් පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණෙන් මෙම තීරණය ගනු ලැබූ බවත් සතොස අලෙවි ප්රධානි සවන් කාරියවසම් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
-P.M