මෙරට ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය සැලකිල්ලට ගනිමිනුයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම දෙවන විස්තීරණය ණය පහසුකම ලබා දීමට එකඟ වී ඇත්තේ.
එම ප්‍රතිසංස්කරණ අඛණ්ඩව පවත්වාගැනීම සහ දුර්වලතා අවබෝධ කරගනිමින් ඊට පිළියම් යෙදීම ඇතුළු ආර්ථිකය අඛණ්ඩව ඉදිරියට ගෙන යාම මෙමගින් අපේක්ෂා කර තිබෙනවා.
අයිඑම්එෆ් විධායක මණ්ඩලයේ අනුමැතිය මත ශ්‍රී ලංකාවට ඇමෙරිකා ඩොලර් මිලියන 330 ක් ලැබීමත් සමග මෙරටට මුදා හැර ඇති සම්පූර්ණ මුදල ඇමෙරිකා ඩොලර් මිලියන 660 දක්වා ඉහළ යනු ඇති.