අමාත්‍ය හරීන් ප්‍රනාන්දු දැක් වූ අදහස්,
එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලා අස් වූයේ හර්ෂ ද සිල්වා පමණයි. වෙනත් කිසිදු මන්ත්‍රීවරයෙක් එජාපයෙන් ඉල්ලා අස් වූයේ නැහැ. සජබය කියන්නේ එජාපයේ පළුවක්. ඒ නිසා ඒ හැමටම යළි එජාපය සමඟ එක් වීමට පුළුවන්. යථා කාලයේදී ඒ දේවල් සිදු වේවි. අපේ නඩු තීන්දුව එනකම් කට්ටිය බලාන ඉන්නේ. ආපසු මහ ගෙදරට යන එක වළක්වන්න සජබයේ සමහරු බලාන හිටියත් නඩු තීන්දුවෙන් පසු එය වළක්වන්න බැරි වේවි. බංකොළොත් වුණු රට ගොඩ ගන්න ඉදිරිපත් වුණේ එජාප නායක රනිල් වික්‍රමසිංහ පමණයි. එතුමාට ඒ සඳහා සහාය දීම සියලු දෙනාගේම යුතුකමක්. ලබන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ඔහු යළිත් ජනාධිපති ධුරයට පත් කිරීමට එක් වන ලෙස මා සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා යැයිද හරීන් ප්‍රනාන්දු පැවසීය.
-P.M