අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේ “අලුත් ගමක් – අලුත් රටක්” ජාතික වැඩසටහනට සමගාමීව වව්නියා දිස්ත්‍රික් ආහාර සුරක්ෂිතතා වැඩසටහන වව්නියා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (01) පැවති අවස්ථාවේ දීය.
තුන් දහසක් පමණ වූ ග්‍රාම නිලධාරී පුරප්පාඩු සඳහා ඉල්ලූම්පත්‍ර කැඳවා තිබෙන බවත් නීත්‍යානුකූලව ඒ සියලු ඉල්ලුම්පත් ලාභීන්ට විභාගයට සහභාගි වීමට අවස්ථාව ලබා දෙන බවත් එහිදී අගමැතිවරයා සදහන් කර ඇත.
ග්‍රාම නිලධාරී පුරප්පාඩු ඇති දුෂ්කර ප්‍රදේශවල විශේෂ සුදුසුකමක් මත විභාගය පැවැත්වීමෙන් අනතුරුව පුරප්පාඩු පිරවීමට කටයුතු කරන බවද අගමැතිවරයා එම වැඩසටහනදී සදහන් කර තිබේ.
-P.M